Wednesday, January 9, 2019

ප‍්‍රජාතන්ත‍්‍රවාදී විදෙස් තානාපතිවරුන් නිරුවතින්.(Video)

SHARE
Loading...
පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.
පසුගිය නොවැම්බර් මාසයේ එජාප මන්ත්‍රිවරු තුන්දෙනෙක් අපේ ආණ්ඩුවේ ඇමතිවරුන් විධියට දිවුරුම් දුන්නා විතරයි ප්‍රජාතන්ත්‍රවාදයේ ඊනියා ආරක්ෂකයින් විරෝධතා පුවරු ඔසවා ගෙන සටන් පාඨ කියමින් පාරට බැස්සා.  “අපේ ඡන්දය වෙන්දේසි කරන්න එපා“ කියලා කෑ ගැහුව්වා.  දැන් ඔන්න ශ්‍රිලනිප මන්ත්‍රිවරුන් හයක් එජාපයට එකතු වෙලා.  තවත් 21ක් එනවා කියලා සුමන්තිරන් මන්ත්‍රිතුමා කියනවා.  ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂකයෝ දැන් කෝ?
ජනතාව දුන්නු ඡන්දය විකුණනවා එක නරක වැඩක් නම් ඒක කොයි පැත්තට පැන්නත් නරක වැඩක් වෙන්න ඕනෑ.    මන්ත්‍රිවරුන් එජාපයෙන් සංධානයට යන විට ඒක නීති විරෝධි ප්‍රජාතන්ත්‍ර විරෝධි වැඩක්.  හැබැයි සංධානයෙන් එජාපයට යන විට ඒක නීති ගරුක ප්‍රජාතන්ත්‍රවාදි ෂෝක් වැඩක්.  එහෙම වෙන්න පුළුවන් ද? එක පැත්තකට යන විට හරි වෙන්නත් අනිත් පැත්තට යන විට වැරදි වෙන්නත් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ වන් වේ පාරක් ද?  එහෙමත් නැතිනම් මේ අය කට අරින්නේ ඩොලර් මල්ලක් විසි කලොත් විතරක් ද?
ඔය නන්නාඳුනන ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂකයින් අමතක කරමු.  මන්ත්‍රිවරුන් සංධානයට එකතු වන විට ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධියි කියා ප්‍රකාශ නිකුත් කරපු තානාපතිලා නිහඬ ඇයි?  මාධ්‍ය නිහඬ ඇයි?  රාජ්‍ය නොවන සංවිධාන නිහඬ ඇයි?  සුමන්තිරන්ගේ ප්‍රකාශය හෙලා දැකලා ප්‍රකාශයක් නිකුත් නොකරන්නේ ඇයි?  මේ කලබගෑනි මැද ඊනියා ප්‍රජාතන්ත්‍රවාදින් නිරුවත් වෙලා බවයි අපට නම් පේන්නේ.
– අරවින්ද අතුකෝරල





SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: