Wednesday, January 9, 2019

අයවැයෙන් වාහන මිල විශාල ලෙස ඉහලට

SHARE
Loading...
එළැඹෙන අයවැය මගින් වාහන සඳහා තවත් බදු පනවනු ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
එහි ලේකම් කීර්ති ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ මීට පෙර අයවැය සකස් කිරීමට පෙර මුදල් අමාත්‍යාංශය විසින් තම සංගම්වලට සාකච්ඡාවක් ලබා දුන්දන මෙවර එසේ සාකච්චාවක් හෝ ලබා නොදුන්නේ බදු ඉහල දමන නිසා විය හැකි බවයි.
දැනටමත් වාහන වෙලදාම විශාල වශයෙන් පහල වැටී ඇති බවත් වාහන ගෙන්වීමේදී බැංකුවලට ගෙවන මුදල 200කි%න් වැඩි කිරීම ඇතුළු කාරණා මෙම කර්මාන්තය කඩා වැටීමට හේතු වී ඇතැයි ද ඔහු කියා සිටියේ ය.
එමෙන්ම ඩොලරය හමුවේ රුපියල බාල්දු වීම ජපාන යෙන් මුදල විශාල වශයෙන් ඉහල යාම නිසාද වාහන ආනයන වියදම ද විශාල ලෙස ඉහල ගොස් ඇති බව ද ඔහු සඳහන් කළේය.
මේ අතර ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සදහන් කරන්නේ රුපියල අවප‍්‍රමාණය වීම නිසා පමණක් වාහනයක් අවම ලෙස ලක්‍ෂ තුනකින් මිල ඉහල යනු ඇති බවයි.
එනිසා අයවැයෙන් බදු ඉහල නොදැමුවද වාහන මිල ඉහල දැමීමට සිදුවන බව සංගමයේ සභාපති ඩන්දික සම්බත් මෙරන්චිගේ කියා සිටී.



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: