Wednesday, January 9, 2019

බිල්ඩිම ගිනි ගනිද්දී අපේ ජීවිත බේරුණු හැටි හීනයක් වගේ

SHARE
Loading...
මහනුවර ජනතාව කළ උදව්ව කවදාවත් අමතක වෙන්නේ නෑ- මහනුවර තිදරු මව කියයි
‘‘අපේ මුළු පවුලම ගින්නෙන් විනාශ වෙයි කියලා මා හිතුවා. අපි අසරණ වුණා. බැරිම තැන බිල්ඩිම උඩින් මා පනින්න හැදුවා. ඔහොම පැනලා හරියන්නේ නැහැ කියලා මගේ සැමියා දරුවෝ බේරාගන්න බිමට පනිද්දී මට සිහිය තිබුණේ නැහැ.
මාව වැටිලා තිබුණේ ඇඳ රෙදිවලටයි. මෙට්ටයකටයි බව පසුව මා දැනගත්තා. අපේ ජීවිත බේරා ගන්න කළ උපකාර මහනුවර ජනතාව මගේ ජීවිතයට කවදාවත් අමතක වෙන්නේ නැහැ’ යැයි මහනුවර යටිනුවර වීදියේ සය මහල්
ගොඩනැඟිල්ලේ පෙරේදා (08 වැනිදා) හටගත් ගින්නෙන් ජීවිතය බේරාගත් තංගවේල් රාධිකා (26) මහත්මිය මහනුවර රෝහලේ 19 වාට්ටුවේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී ‘දිවයින’ ට දුරකථනයෙන් කියා සිටියාය.
ගින්න ඇතිවීමට පෙර දින රාත‍්‍රියේ ඔවුන් මෙම ගොඩනැඟිල්ලට පැමිණ තිබේ.
අපි හිටපු තට්ටුවේ කොටස දුමෙන් පිරෙන්න ගත්තා. මම දරුවො තුන්දෙනාම බදාගෙන හිටියා. මහා ගින්නක් බව අපට තේරුණා. තව මොහොතකින් අපි පස් දෙනාම එකට මැරෙන බව හිතුවා. ඕනෑ දෙයක් වුණාවේ කියා මා උඩින් බිමට පනින්න හැදුවා. මගේ ගමන් බෑගය එළියට වීසි කළා. ඒකේ රුපියල් 33,000 ක් තිබුණා. මගේ සැමියා මගේ කකුලෙන් අල්ලා ගත්තා පනින්න එපා අපි මේ විදියට පනිමු කියලා.
මගේ එක් කකුලකට හානිවෙලා තිබුණා. මහනුවර රෝහලේ වෛiවරුන්ට හෙද නිලධාරීන්ට මම ස්තුති කරනවා. ඒ වගේම මහනුවර ජනතාවම අපි කවදාවත් අමතක කරන්නේ නැහැ.
රුපියල් 33,000ක මුදල සමඟ බෑගය හමුවුණා. අපේ ඇඳුම් පැළඳුම් සියල්ලම ගින්නෙන් පිළිස්සී ගියා.
-දිවයින පුවත්පත



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: