Tuesday, December 18, 2018

විදේශිය යුවළක් ශ්‍රි ලංකා මුදල් නෝට්ටු නැරඹීමට යයි කියා වෙළඳ සැලේ හිමිකරු රවටා ඵක්ලක්ෂ හතළිස්දාහකට විදලා

SHARE
Loading...
විදේශිය යුවළක් විසින් ශ්‍රිලංකා මුදල්නෝට්ටු නැරුඹිමට බව පවසා ඉතා සුක්ෂම ලෙස වෙළඳසැල් හිමි රවටා රැපියල් ඵක්ලක්ෂ හතළිස්දාහක මුදලක් පෙරේදා (17) මාදම්පේ රක්වාන පාරේ වෙළඳ සැලකින් සොරා ගෙන ඇති බව රක්වාන පොලිසිය කියයි
මෙම යුවළ තම වෙළඳ සැලට පැමිණ කිරි පැකට් ටුවක් මිලදි ගත් බවත් පසුව රැපියල් දහසේ නෝට්ටුවක් තමාට ලබා දුන් බවත් ඩොලර් මාරැ කිරිමට පුළුවන්ද යනුවෙන් තමාගෙන් විමසු බවත් පසුව වටිනා කමින් වැඩි ශ්‍රිලංකා මුදල් නෝට්ටු බලන්න ඕනැ බව පැවසු බවත් වෙළද සැල් හිමිකරැ විසින් පොලිසියට පැමිණිලි කර ඇත.
පසුව තමා ණය මුදලක් ලෙස ලබාගත් රැපියල් ලක්ෂ පහක 5000 මුදල් නෝට්ටු විදේශිකයාට පෙන්නු බවත් ඔහු පිටව ගියපසු මුදල් නැවත ගණන් කිරිමේදි මුදල් අඩු වි ඇති බවත් වෙළද සැල් හිම්යා පවසා තිබේ.
ආරක්ෂිත කැමරා පද්ධතියේ දත්ත අනුව ඉදිරි විමර්ශන සිදුකරන බවත් මෙම යුවළ පකිස්ථානු යුවළක් බවට සැක කරන බවත් අත්අඩංගුවට ගැනිමට අවශ්‍ය පියවර ගන්නා බවත් පොලිසිය පැවසිය.
රක්වාන පොලිස්ථානාධිපති පො ප බමුණුසිංහ මහතාගේ උපදෙස්මත් සිද්ධිය සම්බන්ධයෙන් උ .පො .ප. නවරත්න ඇතුඵ නිලධාරිහු පරික්ෂණ සිදුකරති.
දිවයින පුවත්පත



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: