Tuesday, December 18, 2018

මන්ත්‍ර බලයෙන් අලියා මෙල්ල කරන්න ගිය තරුණයා මරු සමග යයි

SHARE
Loading...
යාල අංක 03 කලාපයට අයත් වෙහෙරගල වන සීමාවේ අලින් බැලීමට සංචාරකයන් රැගෙන ගිය කතරගම පුද්ගලයෙක්‌ ඊයේ (18 දා) සවස වන අලියකුගේ ප්‍රහාරයෙන් ජීවිතක්‌ෂයට පත් විය.

මෙම මියගිය තරුණයා දේශීය සංචාරකයන් පිරිසක්‌ සමග වන සතුන් බැලීමට ගොස්‌ ඇත. ඔහු මන්ත්‍ර බලයෙන් අලින් මෙල්ල කිරීම සම්බන්ධව දක්‌ෂකම් දැක්‌වූ පුද්ගලයක වූ බැවින් ඊයේ දින ද අලියකු ඉදිරියට දුවගෙන එන අවස්‌ථාවේදී ජීප් රථයෙන් බැස මන්ත්‍ර බලයෙන් අලියා මෙල්ල කිරීමට යැමේදී ඉදිරියට පැමිණි අලියා මොහුට පහරදී ඇති බව පොලිසිය පවසයි.
මෙසේ මියගොස්‌ ඇත්තේ කතරගම වල්ලිමාතාගම පදිංචිÊඑල්. ඒ. සුසන්ත නමැති 41 හැවිරිදි තරුණයකි. මේ සම්බන්ධව කතරගම පොලිසිය පරීක්‌ෂණ පවත්වයි.
-දිවයින පුවත්පත



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: