Friday, May 24, 2019

එජාප පාක්‍ෂිකයන් ලක්ෂ හතර හමාරකට පමණක් සමෘද්ධිය දෙයි,උත්සවයට කෝටි 18ක්.

SHARE
Loading...
ලක්ෂ හතර හමාරක තවත් පිරිසකට සමෘද්ධි සහනාධාරය ලබාදීමට සඳහා රජය තීන්දු කර ඇති බව සන්ධාන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර මහතා පවසයි.
එක්සත් ජාතික පාක්ෂිකයන් තෝරාගෙන මෙම සහනාධාර ලබාදීම 31 වැනිදා සිදුකිරීමට නියමිතව ඇතැයිද ඔහු සඳහන් කළේය.
මෙම උත්සවය සඳහා ලක්ෂ 1800 ක් වියදම් කිරීමට සූදානමක් ඇති බවද ඔහු කියා සිටී.මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමිනි.එම චෝදනාවට පිළිතුරු ලෙස සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියේ වසර 20ක කාලයක් එක්සත් ජාතික පාක්ෂිකයන්ට සමෘද්ධිය නොලැබුණු බවත් එය දැන් හෝ ලබාදීමට විරුද්ධ විය යුතු නැති බවත් ය.
-lankasinhalanews




SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: