Friday, May 24, 2019

බදියුදීන්ට ඇමතිකමෙන් අස්වැන්නැයි හරීන් කියයි,එජාප මන්ත‍්‍රී හමුව ගාලගෝට්ටියක් වෙයි.

SHARE
Loading...
ඇමති රිෂාඩ් බදුර්දීන්ට මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පත්කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව එනතුරු බදුර්දීන් මහතා ඇමති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හමුවේ දී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කර ඇත්තේ එම තේරීම් කාරක සභාවේ දී ඇති බදුර්දීන් නිවැරදි යයි ඔප්පු වුවහොත් ඔහුට යළිත් ඇමති ධූරය භාර ගත හැකි බවයි.

ඇමැතිවරයා විසින් එම යෝජනාව ඉදිරිපත් කිරීමත් සමග එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හමුව එකම ගාලගෝට්ටියක් වූ බව වාර්තා වේ.

රිෂාඩ් බදුර්දින් ඇමතිවරයා ආණ්ඩුවෙන් ඇමති ධුරයෙන් ඉවත් විය යුතු නැති බවට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් එහිදී අදහස් පළ කර ඇත.

ඇමැති රිෂාඩ් බදුයුදීන් මහතා සඳහන් කර ඇත්තේ තමනට බලෙන් ආණ්ඩුවක සිටීමේ වුවමනාවක් නැති බවත් තමන්ට යන්න කියන්නේ නම් තම මන්ත්‍රීවරුන් හය දෙනා ද සමග ආණ්ඩුවෙන් ඉවත්වීමට සූදානම් බවත් ය.
කෙසේ වෙතත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මැදිහත්වී තත්වය පාලනය කර ඇත.
-lankasinhalanews


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: