Saturday, December 7, 2019

ආපදා පරදා යුද හමුදාව පෙරට,කිළිනොච්චියේ ගම්මානවල කොටුවී සිටි 168 දෙනෙක්‌ ආරක්‌ෂිත ස්‌ථානවලට.

SHARE
අධික වර්ෂාව නිසා කිළිනොච්චියේ, ආනන්දපුරම් ඇතුළු ගම්මාන කිපයක කොටු වී සිටි වැසියන් 168 දෙනකු යුද හමුදාව විසින් 6 දා උදැසන බේරාගෙන ආරක්‍ෂිත ස්‌ථාන කරා රැගෙනවිත් තිබේ.

 කිළිනොච්චිය ආරක්‍ෂක සේනාංක ආඥපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතාගේ උපදෙස්‌ මත ඒ ඒ පළාත්වල සිටි හමුදා සේනාංක පිහිනා ගොස්‌ වැසියන් විශාල පිරිසක්‌ බේරාගෙන තිබේ.

 ඊට අමතරව කඹවල ආධාරයෙන් ද තවත් පිරිසක්‌ බේරා ගෙන ඇති අතර වැස්‌සට කොටු වී සිටි විශාලම පිරිසක්‌ බේරාගෙන ඇත්තේ බෝට්‌ටුවල ආධාරයෙනි.

 බේරාගත් වැසියන්ව ආරක්‍ෂිත ස්‌ථාන වෙත යොමු කොට ඇති යුද හමුදා නිලධාරීන් ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් හා ආහාර පහසුකම් ද සපයා දී තිබේ.

 මේ අතර පළාතේ පවතින අයහපත් කාලගුණික තත්ත්වයට මුහුණ දෙන ආකාරය පිළිබඳව හා විපතට පත් වූවන්ට සහන සලසා දෙන අන්දම පිළිබඳව සාකච්ඡා කීපයක්‌ම කිළිනොච්චිය දිසාපති කාර්යාලයේදී දිසාපති සුන්දරම් අරුමේනායගම් මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ





SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: