Saturday, December 7, 2019

"ප්‍රති අපනයනයට කුළුබඩු ආනයනය තහනම්,වෙසක්‌ කූඩු - සරුංගල් - හඳුන්කූරු ගෙන්වන්නත් බෑ."

SHARE
ගම්මිරිස්‌, පුවක්‌, සාදික්‌කා, වසාවාසි, සියඹලා, කුරුඳු, කරාබුනැටි, ඉඟුරු, කහ සහ කරදමුංගු වැනි කුළුබඩු සහ ආශ්‍රිත නිෂ්පාදන ප්‍රතිනැව්ගත කිරීම් හෝ ප්‍රතිඅපනයන කිරීම සඳහා මෙරටට ආනයනය කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට රජය තීරණය කර ඇත.

 මේ අනුව මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන ඇමැතිවරයා වශයෙන් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අත්සනින් නිකුත් කළ 2019.12.05 දිනැති ගැසට්‌ නිවේදනය මගින් මේ තීරණය ක්‍රියාත්මක කර ඇත. එසේම දේශීය තරගකාරී ගෘහ කර්මාන්ත වන වෙසක්‌ කූඩු, සරුංගල් සහ හඳුන් කූරු වැනි දැ ද මෙරටට ආනයනය කළ නොහැකි වේ.

 මේ අනුව ගම්මිරිස්‌, පුවක්‌, සාදික්‌කා, වසාවාසි, සියඹලා, කුරුඳු, කරාබු නැටි, ඉඟුරු, කහ සහ කරදමුංගු වැනි කුළුබඩු සහ ආශ්‍රිත නිෂ්පාදන ද්‍රව්‍ය මෙරටට ආනයනය කර ප්‍රතිනැව්ගත කිරීම් හෝ ප්‍රතිඅපනයනය කිරීමේ ව්‍යාපාර කටයුතුවලට වන ප්‍රවර්ධන සේවාවන් සඳහා වන විධිවිධාන සහ/හෝ අන්තරාල කටයුතුවල නිරතවන ඕනෑම ව්‍යවසායකට, 2013 අංක 12 දරන මුදල් පනතේ  සංශෝධිත 2012 අංක 12 දරන මුදල් පනතේ ෂඪ වැනි කොටස යටතේ මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා විසින් සිදුකරනු ලබන නියෝග අනුව අනුමැතිය ලබා නොදිය යුතු බව එම ගැසට්‌ නිවේදනයේ සඳහන් වේ.

 දේශීය සුළු අපනයන බෝග වගාකරුවන් සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ආරක්‍ෂා කිරීමේ සහ දිරිදීමේ අරමුණින් අයිතම කිහිපයක ආනයන නියාමනය කිරීමට නව නියමයන් පනවා තිබේ.

 ගම්මිරිස්‌ ඇතුළු කුළු බඩු වෙනත් රටවලින් ආනයනය කර Rජුව හෝ සුළු පිරිසැකසුම්වලින් පසු ප්‍රති අපනයනය කිරිම පසුගිය රජය යටතේ බලවත් විවේචන එල්ල විය. මෙම අඩු ප්‍රමිතියකින් යුතු ද්‍රව්‍ය ආනයනය කර සිදුකරන මෙම ප්‍රති අපනයන හේතුවෙන් ශ්‍රී ලංකාවේ කුළුබඩුවල ඉහළ ප්‍රමිතිය පිළිබඳ ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඇති විශ්වාසය බිඳවැටීමට ද හේතුවක්‌ විය.

 මේ නිසා ශ්‍රී ලංකාවේ කුළු බඩු සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළේදී ලැබෙන මිල ද පහළ වැටී

 ශ්‍රී ලංකාවේ වගාකරුවන් හා අපනයනකරුවෝ ද පීඩාවට පත්වූහ. මේ නව නියමයන්ට අනුව ගම්මිරිස්‌ ඇතුළු කුළු බඩු මෙලෙස Rජුව හෝ සුළු පිරිසැකසුම්වලින් පසු ප්‍රතිඅපනයනය කිරීම මින් පසු තහනම් වෙයි.

 අපද්‍රව්‍ය සහ අපද්‍රව්‍ය සැකසීම හෝ ප්‍රතිචක්‍රීකරණය සඳහා වූ ව්‍යාපාර සඳහා අවසර ලබා නොදීමට ද මෙම නව නියමයන් යටතේ තවදුරටත් විධිවිධාන සලසා තිබෙන බව මුදල් අමාත්‍යාංශයේ උසස්‌ නිලධාරියෙක්‌ දිවයිනට කීවේය.
-Divaina




SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: