Tuesday, November 19, 2019

ගෝඨාගේ කැබිනට්ටුව මෙන්න - ‌පොහොට්ටුවට 7යි: ශ්‍රීලනිපයට 3යි: ‌සෙසු පක්ෂවලට 5යි

SHARE
දීර්ඝ සාකච්ජා වට ගණනාවකින් පසු ‌මේ වනවිට ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතා සිය භාරකාර රජයේ කැබිනට් මණ්ඩලය ‌තෝරා ගන්නා ආකාරය තීන්දු කර ඇති බව වාර්තා ‌වේ.

ඒ අනුව 15 ‌දෙනකුගෙන් යුත් ඇමැති මණ්ඩලයේ ශ්‍රී ලංකා ‌පොදුජන ‌පෙරමුණට කැබිනට් අමාත්‍ය ධූර 7ක් ලබා දී ඇත.

පොහොට්ටුව නියෝජනය කරන ‌සෙසු පක්ෂවලට කැබිනට් අමාත්‍ය ධූර 5ක්ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කැබිනට් අමාත්‍ය ධූර 3ක්ද ලබා දීමට නියමිතය.

කෙසේ නමුත් භාරකාර ආණ්ඩුවේ අගමැතිවරයා මහින්ද රාජපක්ෂ මහතාද, එසේත් නැතිනම් දිනේෂ් ගුණවර්ධන මහතාද යන්න තවමත් සාකච්ජා මට්ටමේ පවතින අතර තව පැය කිහිපයකින් ඒ පිළිබද අවසන් තීන්දුවක් ගනු ඇති බවද දැනගන්නට ඇත.



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: