Sunday, May 26, 2019

2019 මැයි මස 21 සිට 2019 මැයි මස 31 දක්වා සතියේ ලග්න පළාපල

SHARE

 සතියේ ලග්න පලාපල ඉදිරිපත් කිරීම බණ්ඩාරගම රයිගම ජෝතිෂ්‍යවේදී කීර්ති, ජෝතිෂ්‍ය විශාරද, දේශ ශක්ති, දේශ බන්දු ගාමිණී හේවාපතිරණ මහතා විසින්. සියළුම ජෝතිෂ්‍ය කටයුතු සදහා විමසන්න (+94) 071 8 6181 92 සහ (+94) 038 2 290 347

මේ කාලය සතියේ ලග්න පලාපල දැනගන්න ප්‍රථමයෙන් මේ කාලය විපත්ති බහුල කාලයක් වේ. මේ කාලය ලෝකයේ රටවල් වලට යුධ බිය, මානසික පීඩා, ස්වභාවික විපත්, දරිද්‍රතාවය සැහෙන්න දුරට වැඩිවීමක් මිසක් අඩුවක් නැත. මේ ලෝකයේ දැන් දැවෙමින් පවතී. එයට හේතුව දැනට ජිවත් වෙන මිනිසුන්ගේ ගුණ ධර්ම පිරිහිල සිත් සතන් දරුණු වෙලා නිසා මිනිසුන් එකිනෙක ඇන කොටා ගැනීම්, අවි ආයුධ නිපදවීම, මිනිසුන් තලාපෙලා වැඩ ගැනීම වගේම මිනිසුන් අමුනුශ්‍යන් වී සිටීම වැනි කරුණු මත ස්වාභවික පරිසරය වෙනසකට ලක් වී ඇත.

ස්වභාව ධර්මයට විරුද්දව වැඩ කිරීම නිසා මේ ලෝකයේ ජිවත් වෙන මිනිස්සුන්ට ජීවත් වෙන වාස භූමිය නැතිවී යාමටද හැකියාව ඇත. මේ කාලය විපත්ති බහුල නිසා විශේෂයෙන්ම ගර දෝෂ අන්ධකාර මිනිසාට විශේෂයෙන්ම බලපායි. ග්‍රහ බලයේ වැඩිවීමක් නිසා හිරුගේ බලය වැඩි වීමෙන් මිනිසාට දැනෙන රස්නය වැඩි වී ඇත. හිරුගේ බලපෑම හිරු වට කක්ෂ ගතව සිටින ග්‍රහයන්ට මෙන්ම පෘතුවියේ වාසය කරන මිනිසාටද බලපෑ තිබේ.

මේෂ ලග්නය 


මේෂ ලග්නය හිමි ඔබට පසුගිය සතියේ පැවසු අයුරින්ම මේ සතියේදීත් ඔබට මිශ්‍ර පල උදාවෙන සතියකි. විශේෂයෙන්ම සිකුරු ග්‍රහය මේ කාලයේ ඔබගේ ලග්න ගතව යන නිසා මානසික පීඩාකාරී බව මිදී ගොස් සිතේ සතුට හා ප්‍රීතිය ඇති වේ. විශේෂයෙන්ම ස්ත්‍රීන්ගේ ඇසුර ලැබෙන අතර ස්ත්‍රී පක්ෂයෙන් ඔබට උදව් උපකාර ලැබීමේ කාලයකි මේ සතිය. රැකි රක්ෂා කටයුතුවල දියුණුවක් ඇති අතර රැකියාවේ උසස්වීමක් බලාපොරොත්තුවෙන ඔබට මේ සතියේ එය සාර්ථක කර ගැනීමට හැකියාවක් ලැබේ. ව්‍යපාර කටයුතුවල දී සිටින අයට සුභ සතියකි. සහෝදර සහෝදරයින් සමග මත භේද නිසා අමනාප කම් ඇති වීමට පුළුවන. ආදායම් තත්ත්වය සතුටු දායක වුවත් වියදම් පක්ෂය අධිකව යන සතියකි. අධ්‍යාපන කටයුතුවල නියැලෙන දුව දරුවන්ට සාර්ථක සතියකි. රෝග පීඩාවලට ගොදුරුවීමේ ඉඩකඩ් පවතීන බැවින් සැලකිලිමත්ව කටයුතු කිරීම වැදගත් වේ.

ජය අංකය : 1, 3, 8

ජය වර්ණය : රතු හා කහ

සුභ දිනය : අගහරුවදා හා සිකුරාදා
රෝග පීඩා  : උගුරේ අමාරුව, පීනස් රෝග, අර්ශස් රෝග

වෘෂභ ලග්නය


වෘෂභ ලග්නය හිමි ඔබට පසුගිය කාලයේ එරාශ්ටකයක් පැවතුනත් ඔබගේ වැය පස ඉහල යමක් පෙන්නුම් කරයි. හදිසි නීතිමය ගැටලුවලට මුහුණ දීමට සිදුවේ. ස්ථානවල පවතින කරදරකාරී බව නිසා මේ සතියේ ඔබගේ මානසික සතුට නැතිව යන සතියකි. කෝපය, වෛරය ආදී සිතුවිලි සිතට නැගෙන අතර ඇසුරු කරන්නන් අතර දුරස්තවිමක් පෙන්නුම් කරනු ලබයි. මවගේ හා පියාගේ උපදෙස් මත කටයුතු කිරීමට සිදුවන සතියකි.

ජය අංකය : 1, 4, 7

ජය වර්ණය : රතු හා කහ

සුභ දිනය : බදාදා හා සෙනසුරාදා

රෝග පීඩා  : රුධිර පීඩනය, සෙම් ගෙඩි හා අර්ශස් රෝග

මිථුන ලග්නය


මිථුන ලග්නය හිමි ඔබට මේ සතිය සුභ නොවන අතර, මෙම සතිය ඔබට මානසික අසතුට හා නිතර කරදරවලට මුහුණ දීමට සිදුවන සතියකි. බොරු චෝදනාවලට ම්ලාක්විමට සිදුවන අතර අබුසැමියන් අතර පවතින සුහදතාවය නැතිවී ගොස් ඔබ අසරණ තත්වයකට පත්වේ. අධ්‍යාපනය ලබන දුවා දරුවන්ට යහපත් සතියක් වුවත් අධ්‍යාපනය කටයුතු අවුල් සහගත වීමක් පෙන්නුම් කරනු ලබයි. නඩු හා නීති ගැටලු වලට මුහුණ දීමට සිදුවෙන සතියකි. ආදායම් තත්ත්වය සතුටු දායක වන අතර වියදම් පක්ෂයද ඉහළ යයි.


ජය අංකය : 1, 6, 7

ජය වර්ණය : කොළ හා නිල්

සුභ දිනය : බදාදා හා සිකුරුදා

රෝග පීඩා  :  මානසික පීඩාව, මුත්‍රා රෝග, යටිබඩ අමාරු, වාපිත් සෙම් රෝග

කටක ලග්නය


කටක ලග්නය හිමි ඔබට මේ සතිය යුග ජීවිතය සම්බන්ධ ප්‍රශ්න නිරාකරණය වෙන අතර. මංගල යෝජනා ලැබෙන සතියක් වන අතර මංගල කටයුතු සාර්ථක වන සතියකි. අවිවාහක යට මංගල යෝජනා ලැබෙන අතර ඒවා කඩිනමින් කර ගැනීමට හැකියාව ලැබේ. උත්සව අවස්ථාවලට සහභාගිවීමට අවස්ථාව ලැබේ. හදිසි අනතුරු හදිසි විපත් කරදර වගේම අත පය කැඩීම් ආදිය සිදුවීමට පුළුවන් බැවින් බොහොම කල්පනාකාරීව හා ඉවසිලවන්තව කටයුතු කිරීම වටිනේය. රැකි රක්ෂා කටයුතුවල දියුණුවක් පෙන්නුම් කෙරේ. ව්‍යාපාර හා කර්මාන්තවල යෙදී සිටින යට සුභ කාලයකි. මේ කාලය මිශ්‍ර පල උදාවෙන සතියකි.

ජය අංකය : 6, 7, 9

ජය වර්ණය : සුදු හා රතු

සුභ දිනය : සදුදා හා සිකුරාදා

රෝග පීඩා  :  පෙනහළු රෝග, හදවත් රෝග, ඇස්වල සැත්කම්

සිංහ ලග්නය


සිංහ ලග්නය හිමි ඔබට බලපොර්ත්තුවෙන් පසුවූ රැකි රක්ෂා කටයුතුවල යම් ප්‍රගතියක් පෙන්නුම් කෙරේ. ඉලක්ගත අදහස් ඉෂ්ට කර ගැනීමට හැකියාව ලැබෙන කාලයකි. ආදායම් තත්ත්වය සතුටු දායක මට්ටමක පවතී. මහා පොළොවෙන් ලැබෙන ආදායම් තත්ත්වය ඉහල යන අතර ගෙවල් දොරවල් වලින්ද යම් ආදායමක් ලබා ගැනීමට ඔබට හැකියාවක් ලැබේ. දරුවන්ගේ අසනීපයක් ගැන අසන්නට ලැබෙන අතර දරුවන්ගේ රෝග නිසා දරුවන් රෝහල්ගත වීමක් පෙන්නුම් කරනු ලැබේන අතර මේ නිසා ඔබගේ කාලයත් ධනයත් ශ්‍රමයත් වැයවෙන සතියකි. නව නිවාස ඉදිකිරීමට හෝ ප්‍රතිසංස්කරණය කිරීමට මේ කාලය සුභ කාලයකි.

ජය අංකය : 5, 7, 9

ජය වර්ණය : රතු හා තැබිලි

සුභ දිනය : ඉරිදා හා බදාදා

රෝග පීඩා  :  හදවත් රෝග, අතපය තුවාල වීම්, පෙනහළු රෝග, කැස්ස

කන්‍යා ලග්නය


කන්‍යා ලග්නය හිමි ඔබට ධනය ලැබීම පෙන්නුම් කරන අතර එම ලැබෙන ධනය යම් යම් හේතුන් උදෙසා වය කිරීමට සිදුවෙන සතියකි. රැකි රක්ෂාවේ නියැලෙන අයට මෙන්ම ව්‍යාපාරය හා ඉදිකිරීම්  කටයුතුවල නියැලෙන අයට දියුණුවක් පෙන්නුම් කෙරේ. අධ්‍යාපනයේ නියැලෙන දුවා දරුවන්ට සුහ සතියකි.  මතක ශක්තිය වැඩිවීමක් පෙන්නුම් කරන අතර විදේශ ගතවීමක් මෙන්ම විදේශයේ සිටින ඔබ මාතෘ භූමියට පැමිණෙන්නට අදහස් කරන්නේ නම් එයට සුභ දායක සතියකි. බලාපොරොත්තුවෙන් සිටින දරුවෙකුගේ උත්සවයක් සාර්ථකව අවසන් කර ගැනීමට හැකියාව ලැබෙන කාලයකි. මිශ්‍ර පල උදාකරන සතියකි.

ජය අංකය : 3, 5, 9

ජය වර්ණය : කොළ හා නිල්

සුභ දිනය : බදාදා හා සිකුරාදා

රෝග පීඩා  :  කැස්ස, උන, සෙම් රෝග, මුත්‍රා රෝග හා දියවදියා රෝග

තුලා ලග්නය


තුලා ලග්නය හිමි ඔබට හවුලේ යෙදෙන කටයුතුවල සාර්ථකත්වයක් පෙන්නුම් කෙරේ. හවුලේ කටයතු විශ්වාසදායි කෙනෙකු සමග නියැලීමෙන් සාර්ථක කර ගැනීමට හැකියාව ලැබෙන අතර නොදන්නා පුද්ගලයන් සමග කටයුතු කිරීමට යාමෙන් පාඩු ලැබීමට ඉඩකඩ ඇත. ආදායම් මාර්ග හිමින් හිමින් ප්‍රගතියක් ඇතිවේ. හිතේ පැවති ගැටළුවක් හෝ කරදරකාරී බවක් ලිහිල්වීමක් සිදුවේ. ස්ථානීය කරදර අඩුවීමෙන් හිතට සහනය ලැබෙන සතියකි. පියාගේ තත්ත්වය සුබ නොවෙන බැවින් ඒ සදහා කල්පනාකාරීව කටයුතු කිරීම වටියි. මවගේ උපදෙස් අනුව වැඩ කිරීමට සිදුවෙන කාලයකි. විවාහා කටයුතු කඩිනම් වීමක් සිදුවෙන අතර අබු සැමියන් අතර පැවතුණ කරදර දුරුවී යයි.

ජය අංකය : 4, 7, 8

ජය වර්ණය : රතු හා කහ

සුභ දිනය : බදාදා හා සිකුරාදා

රෝග පීඩා  :  මුත්‍රා රෝග, දියවැඩියාව, අර්ශස් රෝග

වෘශ්චික ලග්නය


වෘශ්චික ලග්නය හිමි ඔබට එරාෂ්ටකයක් පෙන්නුම් කෙරෙන බැවින් හිතුවක්කාරී ගති ලක්‍ෂණ ඉස්මතුවේ.ඔබගේ වචන භාවිතයෙන් අන් අයගේ සිත් රිදවීමක් ඇතිවීමෙන් අන් අයගේ අප්‍රසාදයට ලක් වේ. අබු සැමියන් අතර පැවති සුහද තාවය නැතිවී යන අතර පෙම් සබදතාවයන් බිද වැටීම නිසා මානසික පීඩාකාරී බවක් පෙන්නුම් කෙරේ. රැකි රක්ෂාවේ දියුණුවක් පෙන්නම් කෙරේ. හදිසි අනතුරු හා අතපය තුවාල වීම් මෙන්ම රෝහල් ගතවීම් පෙන්නුම් කෙරේ.

ජය අංකය : 1, 3, 5

ජය වර්ණය : රතු හා තැබිලි

සුභ දිනය : අගහරුවදා හා සිකුරාදා

රෝග පීඩා  :  හදිසි අනතුරු, ලේ ගලන තුවාල ඇතිවීම, හිසේ රෝග හා මානසික පීඩා

ධනු ලග්නය


ධනු ලග්නය හිමි ඔබට බලාපොරොත්තුවෙන් සිටි මානසික සුවය නොලැබී ගොස් මානසික පීඩා ඇති කරයි. ධනය ලැබීම අතින්ද සුබ සතියක් වන අතර වියදමද ඉහළ යයි. විදේශගතව සිටින ඔබට කාර්ය බහුල වීමට සිදුවේ. වෙනත් රටකට සංක්‍රමණය වීමට අදහස් කරගෙන සිටින ඔබට ඒ සදහා ඉඩ ප්‍රස්ථාව ලැබේ. දරුවෙකුගේ උත්සවයකට සුදානම් වීම  නිසා ඔබගේ කාලයත් ධනයත් වැය වේ. හවුලේ යෙදෙන කටයතු පාඩු ලැබීමට පුළුවන. විවාහක ඔබගේ ජීවිතය මත භේද හා ආරවුල් නිසා සිත් වේදනා ගෙන දෙන අතර ප්‍රේම සම්බන්දතා ඇති අයටද ඒ හා සමාන තත්ත්වයක් ඇතිවේ.

ජය අංකය : 1, 5, 9

ජය වර්ණය : කහ හා තැබිලි

සුභ දිනය : බ්‍රහස්පතින්දා හා සදුදා

රෝග පීඩා  :  මානසික පීඩනය, හිසේ අමාරුව, අර්ශස් රෝග, පෙනහළුවල සෙම් රෝග

මකර ලග්න


මකර ලග්නය හිමි ඔබට මේ සතිය තුල බලාපොරොත්තුවෙන් සිටි ඉලක්ක සදහා යෑමට අවකාශ ලැබේ. ස්ත්‍රී පක්ෂයේ සහය මෙන්ම පබා බලාපොරොත්තුවෙන් සිටි වැඩ කටයුතු සාර්ථකව කර ගැනීමට හැකියාව ලැබෙන සතියකි. චිත්ත පීඩා  පැවතියේ නම් ඒවා නැතිවී ගොස් ඔබගේ හිතේ සතුට මෙන්ම මානසික සතුඉටද ලැබේ. ආදායම් තත්ත්වයද යහපත් වන අතර බලාපොරොත්තුවෙන් සිටින ව්‍යාපාර කටයුතු, කර්මාන්ත හා රැකි රක්ෂා කටයුතුවල යම් ප්‍රගතියක් දියුණුවක් පෙන්නුම් කෙරේ.අනපේක්ෂිතව සිදුවෙන හදිසි අනතුරක් හේතුවෙන් ඔබගේ දත් කැඩී යාමක් හෝ මුහුණට තුවාල වීමක් පෙන්නුම් කෙරෙන අතර ගමන් බිමන් යාමේදී පරිස්සම් වීම වටිනේය. අධ්‍යාපනයේ නියැලෙන දුවා දරුවන්ට යහපත් කාලයකි.

ජය අංකය : 1, 4, 7

ජය වර්ණය : කොළ හා නිල්

සුභ දිනය : බදාදා හා සෙනසුරාදා

රෝග පීඩා  :   බඩේ අජීරණය, අම්ල පිත් රෝග, ඇස්වල රෝග, මුහුණේ තුවාලවීම් සිදුවේ.

කුම්භ ලග්නය


කුම්භ ලග්නය හිමි ඔබට බලාපොරොත්තුවෙන් සිටි කටයුතු සාර්ථක වේ. රැකි රක්ෂා කටයුතුවල දියුණුවක් හා උසස්වීමක් සිදුවේ. හිතේ පවතින නොසන්සුන්තාවය පාලනය කර ගැනීමට හැකියාව ලැබේ. සහෝදරියෙකුගේ ප්‍රශ්නයක් නිසා ඇය වෙනුවෙන් කාලයත් ශ්‍රමයත් වැය කිරීමට සිදුවේ. දරුවෙකුගේ හදිසි තුවාල වීමක් හෝ අසනිපක් වීමක් පිලිබදව සැලකිලිමත් වීමට සිදුවේ. ආදායම් තත්ත්වයද සෙමෙන් සෙමෙන් ප්‍රගතියකට පත්වේ. ගුරුවරුන් ලෙස කටයුතු කරන අයට යහපත් කාලයකි.

ජය අංකය : 1, 5, 9

ජය වර්ණය : කොළ හා නිල්

සුභ දිනය : බදාදා හා සෙනසුරාදා

රෝග පීඩා  :  හදවත් රෝග, පෙනහළු රෝග, සැත්කම්, ඇස් රෝග

මීන ලග්නය


මීන ලග්නය හිමි ඔබට මේ සතිය ධන ලාබ තත්ත්ව උදාවෙන අතර ලබාගත හැකි ධනයක් ලැබීමට ඉඩකඩ ඇත. ආදායම් තත්ත්වයද සතුටු දායක වේ. රැකි රක්ෂාවේ යම් බාධාවල් හා කඩාකප්පල් කාරී ක්‍රියාවලට මුහුණ දීමට සිදුවේ. හිතට අසහනකාරී බවක් පෙන්නුම් කෙරේ. බලාපොරොත්තු රහිත ස්ථානීය කරදර ඇතිවේ. නිවසේ නොසන්සුන් කම ඇතිවේන බැවින් හිතට කරදර හා මානසික පීඩා ඇතිවේ. සිතට චිත්ත පීඩා කාරී බවක් පෙන්නුම් කෙරේ.

ජය අංකය : 2, 4, 8

ජය වර්ණය : කහ හා තැබිලි

සුභ දිනය : බ්‍රහස්පතින්දා හා සිකුරාදා

රෝග පීඩා  :  මානසික පීඩාව, හදවත් රෝග, ලේවල දෝෂ, සමේ ඇතිවන රෝග



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: