Sunday, May 26, 2019

මිනිස්සු කියනවා මට මේක ගන්න කියලා - හැබැයි මම ගත්තොත් ආපසු දීමට නම් මාස තුනකට වඩා කාලයක් ගත‌වෙයි – හමුදාපති

SHARE
රටේ පාලනය මාස තුනකට භාර ගන්නා ලෙස ජනතාව තමන්ගෙන් ඉල්ලා සිටින බවත් තමන් රට භාරගතහොත් ආපසු දීමට නම් මාස තුනකට වඩා කාලයක් ගතවනු ඇති බවත් හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා විසින් ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉහළම නිලධාරීන් පිරිසක් සඳහා පසුගියදා පැවති රැස්වීමකදී හමුදාපතිවරයා මේ බව සඳහන් කර ඇත.

“මම යන හැමතැනම වගේ මිනිස්සු ඇවිත් මට කියනවා “සර් මේක මාස තුනක් අරං කරන්න” කියලා. මොකටද මාස තුනකට අරං ? මම ගත්තොත් සෑහෙන කාලෙකට දෙන්නෙ නෑ, ලස්සනට මේක කරගෙන යනවා” යනුවෙන් හමුදාපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇති බව සඳහන්.



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: