Friday, February 22, 2019

ජනමාධ්‍ය විෂය මංගලගෙන් ඉවත් කර ජනපති ගනී - රුවන්ට කැබිනට් නොවන ඇමතිකම

SHARE

 මුදල් හා ජනමාධ්‍ය ඇමැති ලෙස කටයුතු කළ මංගල සමරවීර මහතාගේ ජනමාධ්‍ය අමාත්‍ය ධූරය ජනපති
මෛත්‍රිපාල සිරිසේන යටතට

පවරාගෙන තිබේ. ජනමධ්‍ය  කැබිනට් ඇමති ධූරය ජනපති සන්තකයේ තබාගෙන ජනමාධ්‍ය කැබිනට් නොවන ඇමතිවරයා ලෙස ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මහතා පත් කර තිබේ.
ඒ අනුව ඔහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද සිකුරාදා සන්ධ්‍යා කාලයේ දිවුරුම් දෙන ලදී.
එසේම ඉතිරිවූ මුදල් අමාත්‍ය ධූරයේ පමණක් මංගල සමරවීර මහතා යළි දිවුරුම් දීඇති බවද වාර්තාවේ.
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ඉල්ලීමක් මත මෙම පත්කිරීම සිදු කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග දන්වා තිබීමද විශේෂත්වයකි.


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: