Sunday, January 6, 2019

උදාවන සතියේ ඔබේ ලග්නයට කොහොමද?

SHARE
මේෂ -
ඔබේ ලග්නාධිපති කුජ දොළහේ ද රවි, ශනි බුධ නමයේ ද, ගුරු සිකුරු අටේ ද රාහු හතරේ ද ගමන් කරමින් මෙම සතිය උදා වෙනවා. සඳු අටවැන්නේ නිසා සතිය ආරම්භයේදී ගෘහ ජීවිතය පිළිබඳව සිත් තැවුලක් ඇතිවීමට ඉඩ තියෙනවා. මවට හෝ පියාට අපලයි. අධ්‍යාපන කටයුතු නම් සාර්ථක කර ගැනීමට අපහසු නෑ. ඒ වුණත් විනෝදය පාලනය කර ගන්න. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වෙයි. විවාහ මංගල යෝජනා වගේ දේවල්වලට නම් ඒ තරම් සුබ සතියක් නොවන බව පේනවා. ඒ වගේ දේවල් සති දෙකක් විතර කල් දාන්න. 
 
 සුබ පාට සුදු ක‍්‍රීම්, සුබ අංකය 2,
 
 වෘෂභ
 
 සිකුරු සමඟ ගුරු හත්වැන්නේ ද රවි, සඳු, බුධ, සඳු අටේ ද කේතු නම වැන්නේ ද රාහු තුනේ ද කුජ එකොළහේ ද ගමන් කරමින් උදාවන මෙම සතිය තරමක බාධා ඇති කරන බව පේනවා. ශරීර සනීපය ගැන සැලකිලිමත් වන්න. හවසට රාත‍්‍රියට නෑම, පිනිබෑම රාත‍්‍රී ගමන් අඩු කරන්න. බිරිඳ හෝ සැමියාට සුබ ඵලදායකයි. හවුල් ව්‍යාපාරවලින් ජය ලැබේවි. හිත මිතුරන්ගේ මුදල් නොඅඩුව ලැබේවි. රැුකියා ව්‍යාපාර අංශවල සේවක ගැටලූ ගැන සැලකිලිමත් වන්න. නිවාස ඉදිකිරීම් වගේ කටයුතුවලට බාධා පෙන්වනවා. උසස් අය සමඟ කරන කටයුතුවලදී කල්පනාකාරී වෙන්න. 
 
 සුබ පාට මිශ‍්‍ර ලා, සුබ අංකය 6,
 
 මිථුන
 
 බුධ හයවැන්නේ රවි, ශනි සඳු සමඟ ගමන් කරන අතර ගුරු ශුක‍්‍ර හයේ ද, කේතු අටේ ද, කුජ දහයේ ද ගමන් කරමින් උදාවන මෙම සතිය ආරම්භයේ බිරිඳ හෝ සැමියාට අපලයි. විවාහ මංගල යෝජනාවලට බාධා පවතී. උත්සාහය ධෛර්යය පවතින නිසා බොහෝ බාධා ජයගත හැකියි. රැුකියා අංශවලදී සේවක සහයෝගය ලැබේ. ගෘහ ජීවිතය මිශ‍්‍රඵලදායකයි. ආයෝජනවලින් ලාභ ලැබේ. පවුලේ වියදම් තරමක් ඉහළ යන බව ද පෙන්වයි. තැන්පත් මුදලක් පවා වැය කරන්නට සිදුවිය හැකියි. සති අන්තය වනවිට මේ තත්ත්වය සුබ අතට හැරේ. සමාජ සේවා කටයුත්තකට සහභාගි වීමට අවස්ථාවන් උදාවේ. සුබ පාට ලා කොළ, සුබ අංකය 4
 
 කටක 
 
 සඳු සමඟ රවි, බුධ ශනි හයවැන්නේ ද ගුරු සිකුරු පහේ ද, කේතු හතේ ද කුජ නමයේ ද ගමන් කරමින් මේ සතිය උදාවෙනවා. ඔබට මේ සතිය මිශ‍්‍ර ඵලදායක වුණත් සතිය ආරම්භයේදී සෞඛ්‍ය ගැටලූ පෙන්වනවා. විශේෂයෙන් සෙම් රෝගවලින් ප‍්‍රවේශම් වන්න. දරුවන්ගේ දියුණුවට කරන දේ පිළිබඳව සතුටු විය හැකිවේ. කටක හිමි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. පෙම්වතුන්ට සුබඵලදායකයි. මංගල යෝජනා ස්ථිර කර ගැනීමට කරුණු යෙදේ. ව්‍යාපාර සඳහා මුදල් ආයෝජනය කිරීමෙන් ලාභ ලැබේ. උසස් අයගේ හා නීතියේ පිහිට ලැබේ. ආගම දහමට හිත යොමුවේ. අඹු - සැමි සමගිය ආරක්ෂා කර ගන්න. 
 
 සුබ පාට කහ, සුබ අංකය 5,
 
 සිංහ 
 
 ඔබේ ලග්නාධිපති රවි සමඟ සඳු ශනි බුධ පස් වැන්නේ ද ගුරු ශුක‍්‍ර හතරේ ද, රාහු දොළහේ ද කේතු හයේ ද ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ‍්‍රඵලදායකයි. සතිය ආරම්භයේදීම දරුවකුට අපලයක් පේනවා. දරුවකු නිසා අමතර වෙහෙසක් හෝ වියදමක් දරන්න සිදුවේවි. පෙම් සබඳතා සහ මංගල යෝජනාවලට සතිය මුලදී බාධා තිබෙනවා. ගෘහ ජීවිතය බොහෝ දුරට සුබඵලදායකයි. පවුලේ අය සමඟ සතුටින් කාලය ගතවේවි. ගෙදර දියුණුවට කරන කටයුතු සාර්ථක වේවි. ගෘහාශි‍්‍රත ව්‍යාපාර කරන අයට විශේෂයෙන් සුබඵලදායකයි. අධ්‍යාපන කටයුතු බාධාවන අන්දමින් කම්මැලිකම හා උදාසීන බව ඇතිවිය හැකිය. උනන්දුව අඩුකර ගන්න එපා. 
 
 සුබ පාට දිළෙන සුදු, සුබ අංකය 1,
 
 කන්‍යා
 
 ලග්නාධිපති බුධ සමඟ රවි, සඳු, ශනි හතර වැන්නේ ද ගුරු සිකුරු තුන්වැන්නේ ද රාහු එකොළහේ ද කුජ හතේ ද කේතු පහේ ද ගමන් කරමින් උදාවන මෙම සතිය මුලදී ගෘහ ජීවිතය පිළිබඳව සිත් තැවුලක් ඇතිවීමට ඉඩ තියෙනවා. මව හෝ පියාට අපලයි. නමුත් ප‍්‍රයෝජනවත් කෙටි ගමන් බිමන් යෙදේවි. උත්සාහය ධෛර්ය නොඅඩුව පවතිනවා. විවාහ මංගල යෝජනාවලට තරමක බාධා තියෙනවා. සතිය මැද වනවිට අධ්‍යාපන කටයුතුවලට තිබුණු බධා අඩුවී යයි. ව්‍යාපාරවලින් සාර්ථක ප‍්‍රතිඵල ලැබේවි. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේවි. ස්වයං රැුකියා 
 
 ගොවිතැන් කටයුතු කරන අයට මිශ‍්‍රඵලදායකයි. 
 
 සුබ පාට ලා කොළ, සුබ අංකය 4,
 
 තුලා
 
 ඔබේ ලග්නාධිපති සිකුරු සමඟ ගුරු දෙවැන්නේ ද රවි, ශනි, සඳු, බුධ තුන්වැන්නේ ද කේතු හතරේ ද රාහු දහයේ ද කුජ හයවැන්නේ ද ගමන් කරමින් මේ සතිය උදා වෙනවා. ආදායම සතුටුදායකයි. ව්‍යාපාර ඉලක්ක සාර්ථක කරගත හැකි වේවි. වෙනදාට වඩා අනාගතය ගැන හිතන්න පෙළඹෙන බවක් පේනවා. සහෝදරයකු ගැන සතුටුදායක ආරංචියක් ලැබේවි. විදේශ ගමන් නැත්නම් දුර ගමන් යෙදෙන බවක් පේනවා. රැුකියාව නිසා නිතර ගමන් බිමන් යෙදෙන බව පේනවා. විවාහ සහකරු අමනාප වෙන්න ඉඩකඩ තියෙනවා. ඉවසීමෙන් කටයුතු කරන්න උත්සාහය ධෛර්ය නොඅඩුව පවතින නිසා බොහෝ කරදර බාධා ජය ගන්න හැකි වෙන බව කිව හැකියි. 
 
 සුබ පාට මිශ‍්‍ර ලා, සුබ අංකය 6,
 
 වෘශ්චික
 
 කුජ පස් වැන්නේද ගුරු සහ සිකුරු 
 
 ලග්නයේ ද රාහු නමයේ ද රවි, බුධ, සඳු, සෙනසුරු දෙවැන්නේ ද ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ‍්‍රඵලදායකයි. ¥ දරුවන් සඳහා වෙනදාට වඩා වියදමක් හෝ වෙහෙසක් දරන්න සිදුවේවි. දරුවකුගේ අකීකරු බව නිසා සිත් තැවුලක් ඇති වෙන්න ඉඩ තියෙනව. ව්‍යාපාරවලට මුදල් ආයෝජනය කරනකොට දුර දිග බලන්න. පෙම්වතුන්ට සුබඵලදායකයි. විවාහ මංගල යෝජනා වගේ කටයුතුවලටත් මේ සතිය සුබය. අඹු - සැමි සමගිය ඇති වෙයි. බිරිඳ නැත්නම් සැමියාටත් සුබදායකයි. උසස් අධ්‍යාපන කටයුතුවල යෙදෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවි. 
 
 සුබ පාට සුදු ක‍්‍රීම්, සුබ අංකය 2
 
 ධනු 
 
 ධනු ලග්න හිමියන්ගේ ලග්නාධිපති ගුරු සමඟ සිකුරු දොළහේ ද රවි, ශනි, බුධ සඳු ලග්නයේ ද කේතු දෙකේ ද කුජ හතරේ ද ගමන් කරමින් උදාවන මෙම සතිය ආරම්භයේ හිතට කරදරයක් ඇතිවන්නට ඉඩ තියෙනවා. සෞඛ්‍ය තත්ත්වය රැුක ගැනීමටත් සැලකිලිමත් වෙන්න. සාර්ථකව කරගෙන ආපු කටයුත්තකට බලාපොරොත්තු නැති බාධා ඇති වෙන්නත් පුළුවන්. ආදායම් තත්ත්වය සතුටුදායක වුණත් වියදම් ඉහළ යා හැකියි. විදේශ ගමනකට තිබූ බලාපෙරොත්තුවක් සාර්ථක විය හැකියි. ඉක්මන් කෝපය නිසා පවුලේ අය අතර අමනාපකම් ඇතිවෙන්න පුළුවන් බව පේනවා. ඉවසීමෙන් කටයුතු කරන්න. 
 
 සුබ පාට දිළෙන සුදු, සුබ අංකය 1,
 
 මකර
 
 ලග්නාධිපති ශනි සමග සඳු, රවි, බුධ දොළොස ්වැන්නේ ද ගුරු සිකුරු එකොළහේද කුජ තුනේ ද රාහු හතේ ද 
 
 ගමන් කරමින් උදාවන මෙම සතිය රැුකියා කටයුතුවලට සුබදායකයි. යහපත් මිතුරු මිතුරියන්ගේ ඇසුර ලැබෙන නිසා සතුටින් කාලය ගතවේවි. බිරිඳ නැත්නම් සැමියාට සුබඵලදායකයි. ඒ අතර බිරිඳ හෝ සැමියාට දුර ගමන් යෑමටත් සිදුවිය හැකියි. සතිය ආරම්භයේ අඹු සැමි අමනාපකම් ඇතිවෙන්නට ඉඩ තියෙන නිසා කල්පනාකාරී වෙන්න. දරුවකුගේ ජයග‍්‍රහණයක් ගැන අසන්නට ලැබේවි. පෙම්වතුන්ටත් සුබයි. උත්සාහය උනන්දුව පවතින නිසා බොහෝ දේ සාර්ථක කරගත හැකියි. 
 
 සුබ පාට මිශ‍්‍ර ලා, සුබ අංකය 6,
 
 කුම්භ
 
 සෙනසුරු සමඟ රවි, සඳු හා බුධ එකොළොස්වැන්නේ ද ගුරු ශුක‍්‍ර දහවැන්නේ ද, කුජ දෙකේ ද, රාහු හයේ ද ගමන් කරමින් සිටියදී උදාවන මෙම සතිය මිශ‍්‍රඵලදායකයි. රැුකියා ව්‍යාපාරවලට සේවක සේවිකාවන් හේ සහයෝගය ලැබේවි. හිතමිතුරන් සමඟ කාලය ගතවන බවක් පේනවා. ආදායම් සතුටුදායකයි. සහෝදරයකුගේ 
 
 රැකියා ප‍්‍රශ්නයකට විසඳුමක් ලැබේවි. සහෝදර සබඳතා අලූත්වන කාලයක්. උසස් අයගේ නීතියේ, පිහිට ලැබිය හැකියි. තනතුරේ හෝ සේවයේ උසස්වීමකටත් ඉඩ තියෙනවා. රැුකියා බලාපොරෙත්තු ඉටුවන බවක් පේනවා. 
 
 සුබ පාට නිල්, සුබ අංකය 7,
 
 මීන
 
 ඔබේ ලග්නාධිපති ගුරු සමඟ සිකුරු නමයේද රවි, සඳු, ශනි, බුධ, දහයේ ද කුජ ලග්නයේ ද රාහු පහේ ද ගමන් කරමින් උදාවෙන මෙම සතිය සුබඵලදායකයි. ඒ වුණත් සතිය ආරම්භයේදී රැුකියා අංශවලින් සිත් තැවුලක් ඇතිවෙන්න ඉඩ තිබෙනවා. අධ්‍යාපන කටයුතුවලට සුබයි. යහපත් ගුරුවරුන්ගේ ඇසුර ලැබෙයි. විභාගවලින් සමර්ථ වෙයි. රැුකියා ව්‍යාපාරවල තත්ත්වයන් සතුටුදායකයි. උසස් අයගේ උදව් උපකාර ලැබෙයි. ඔබගේ පිළිගැනීම ගෞරවය ඉහළ යයි. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වෙයි. ආගම දහමට සිත යොමු වෙයි. විදේශ ගමන් වලටත් සුබයි. උත්සාහය, උනන්දුවන් තියෙන නිසා බාධා ජයගන්න පහසු වෙයි. 
 
 සුබ පාට කහ, සුබ අංකය 5,
 
 කෑගල්ලේ සුනිල් කුමාර ගම්ලත්



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: