Sunday, January 6, 2019

විපක්ෂ නායක වරප‍්‍රසාද මහින්දට දෙන්නේ නෑ නිල නිවස භාරදෙන්නෙත් නෑ දෙමළ සන්ධානය කියයි

SHARE
Loading...
කොළඹ මාකස් ප‍්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක නිල නිවස හා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය කිසිවකුටත් භාර නොදීමට ද්‍රවිඩ ජාතික සන්ධානය තීරණය කර තිබේ.
ද්‍රවිඩ ජාතික සන්ධානය මේ තීරණයට එළැඹ ඇත්තේ පාර්ලිමේන්තු විපක්ෂ නායක ධුරය තවමත් හිමිව ඇත්තේ ආර්. සම්බන්ධන් මහතාට යන ස්ථාවරය අනුවය.
විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් ආර්. සම්බන්ධන් මහතා හා මහින්ද රාජපක්ෂ මහතා අතර පැන නැගී තිබෙන ගැටුම නිරාකරණය කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කර එහි අවසන් තීරණය ප‍්‍රකාශයට පත් කරන තෙක් විපක්ෂ නායක ලෙස ආර්. සම්බන්ධන් මහතා කටයුතු කරන බව ද්‍රවිඩ ජාතික සන්ධානය ප‍්‍රකාශ කර සිටියි.
එම තත්ත්වය යටතේ රටේ විපක්ෂ නායක ලෙස හිමි කිසිදු වරප‍්‍රසාදයක් මහින්ද රාජපක්ෂ මහතාට නොදෙන බව ද්‍රවිඩ ජාතික සන්ධානය වැඩි දුරටත් සඳහන් කරයි.
-දිවයින පුවත්පත



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: