Sunday, February 23, 2020

ලංවිම කෝටි 12,500ක මහා ණය කන්දක හිරවේ,දුවන්න තවත් කෝටි 1500ක් ණයට ගනී.

SHARE
ලංකා විදුලිබල මණ්ඩලය මුහුණදී තිබෙන දැඩි මූල්‍ය අර්බුද හේතුවෙන් රුපියල් කෝටි 1500 ක ණය මුදලක් ලබාදීමට රජය විසින් තීරණය කර ඇත.

ඒ අනුව මහජන බැංකුවෙන් රුපියල් කෝටි 1000ක් සහ ලංකා බැංකුවෙන් රුපියල් කෝටි 500ක් ලෙස මෙම ණය මුදල අනුමත කර ඇත.

පසුගිය වසරේ විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි 8500 ක අලාභයක් ලබා ඇති බවද ඇමැති මහින්ද අමරවීර මහතා කැබිනට් මණ්ඩලයේ දී පෙන්වා දී ඇත.

මණ්ඩලය විසින් තෙල් සංස්ථාවට රුපියල් කෝටි 8342 ක මුදලක් ගෙවීමට ඇති බවද ඔහු සඳහන් කර තිබේ.

එමෙන්ම නිදහස් විදුලි සැපයුම්කරුවන්ට රුපියල් කෝටි 3226ක මුදලක්ද, පුනර්ජනනීය බලශක්ති සැපයුම්කරුවන්ට රුපියල් කෝටි 992ක මුදලක්ද විදුලි බල ණය වී ඇතැයිද ඇමැතිවරයා සඳහන් කර ඇත.

ඒ අනුව විදුලිබල මණ්ඩලය විසින් ගෙවීමට ඇති සම්පූර්ණ ණය මුදල රුපියල් කෝටි 12,571කි.

පවතින වියළි කාලගුණය හේතුවෙන් විදුලිය ඉල්ලුමක් ඉහළ ගොස් ඇති නිසා හදිසි මිලදී ගැනීම් තවත් ඉහළ යනු ඇති බව ද ඔහු සදහන් කර ඇත.



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: