Sunday, December 8, 2019

ස්විස් එම්බසියේ හැංගුන කත CID එයි - සාක්‍ෂි තවත් පරස්පරයි

SHARE
පැහැරගැනීමට ලක් වූයේ යැයි පැවසෙන කොළඹ සිත් ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික සේවිකාව අද පස්වරුවේ පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හමුවට පැමිණියේය.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් නියෝගයක් මත ඇය මෙසේ ප්‍රකාශයක් ලබා දීමට කටයුතු කරන ලද අතර එම අවස්ථාවේදී ඇය සමග ස්විස් තානාපති කාර්යාලයේ කිහිප දෙනෙකු හා නීතීඥයෙකුම පැමිණ සිටියේය.

එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය පාර්ශ්වයෙන් පරීක්ෂණ සිදු කරන ලද කණ්ඩායම් දිගින් දිගටම කියා සිටියේ විද්‍යාත්මක සාක්ෂි හා තානාපති කාර්යාලයන් ලබා දුන් තොරතුරු අනුව එවන් සිදුවීමක් සිදු වූයේ යැයි විශ්වාස කල නොහැකි බවයි.

තානාපති කාර්යාලයේ නිලධාරියගෙන් අද පස්වරුවේ පැය කිහිපයක ප්‍රශ්න කිරීමෙන් පසු ඉන් පිටව ගියේය.

ඇය විසින් ලබා දෙන ලද ප‍්‍රකාශයද පරස්්පරතාවන් ගණනාවක් තිබූ බවත් ඇතැම් විමසීම්වලදී ඇය අපහසුතාවයට පත් වූ බවත් ආරංචි මාර්ග කියයි.

රාජිත සේනාරත්න මහතා සඳහන් කළ පරිදි තම කට පිස්තෝලය තබා ප්‍රශ්න කිරීමක් ගැන ඇය කිසිදු ප්‍රකාශයක් සිදු කර නැති බවද එම ආරංචි මාර්ග කියා සිටියේය.



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: