Sunday, December 8, 2019

විද්‍යාපීඨයන් විශ්වවිද්‍යාල පීඨ බවට පත් කිරිම පිළිබද විද්වත් පැහැදිලි කිරිමක්.

SHARE

සියලු රජයේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන් විශ්වවිද්‍යාල පීඨ බවට පත් කිරිමට අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ඉදිරිපත් කල කැබිනටි පත්‍රිකාවට අනුමැතිය හිමිවිමත් සමග එම යෝජනාව ක්‍රියාවට නැංවීම සදහා නෛතික හා ශාස්ත්‍රිය කරුනු සොයා නිර්දේශ ලබා දීමට කමිටුවක් පත්කර තිබෙනවා.මෙ පිලිබදව ගුරු සිසුන් බොහෝ දෙනෙක් විමසන කරුණක් වනුයේ කවර විද්‍යාපීඨ කණ්ඩායමක් මෙම උපාධිය ලබා දීමට ඇතුළත් කරගනිද යනවග එමනිසා අප මෙ පිළිබද අධ්‍යාපන අමාතංශයේ විද්‍යාපීඨ අංශයේ හිටපු ජෙශ්ඨ නිළධාරි විශ්‍රමලත් ප්‍රියත් එමි.ද සිල්වා  මහාතා ගෙන් විමසීමක් කරා.

එහිදි ඔහු පැවසු‍ෙව මෙම විද්‍යාපීඨයන් විශ්වවිද්‍යාල පීඨ බවට පත් කිරිමට පත්කල කමිටුවෙ නිර්දේශයන් ලබාදීමට මාස 2ක පමන කාලයක් ගතවනු ඇතිබවය.තවද දැනට විද්‍යාපීඨ තුළ තෙවන වසර පාසල් සීමාවාසි පුහුනුව ලබන ගුරු ශික්ශනලාභින්ට ඔවුන්ගේ තෙවසරක පුහුනුව අවසන් වීමට තවත් මාස 4ක පමන කාලයක් පවතින බැවින් ඔවුන්ට මෙම අවස්ථාව හිමිනොවන බවයි.
දැනට විද්‍යාපීඨයන්හි 2015 උසස් පෙළ ප්‍රතිළුල මත දෙවන වසර අධ්‍යයන කටයුතු කරන ගුරු ශික්ශනලාභින් පාඨමාලාවෙ නේවාසික වර්ශ දෙකෙන් වසර එකහාමාරක කාලයක් ඔවුන්ට නියමිත අධ්‍යාපනවෙදි ඩිප්ලොමාවෙ විශයමාලාවට අනුව අධ්‍යයන කටයුතු හදාරා අවසන් වි තිබෙනවා ඒ වාගේම ඔවුන්ටත් නේවාසික පුහුනුවෙ අවසාන ඇගයිම වන විභාග දේපාර්තමෙන්තුව පවත්වන විභාගය සදහා ඉතිරිව තිබෙන්නේ මාස4ක් වැනි කාලසීමාවක්.අධ්‍යාපනවෙදි උපාධියක් ලබාදීමෙදි ඊට අදාළ විශයමාලවකට අනුව මාස හය බැගින් වු සෙමෙස්ටර් 6ක් අඛන්ඩව ඇගයිමි සිදුකොට උපාධිය පිරිනැමිම සිදුකරන නිසා මෙම කණ්ඩායමටත් උපාධිය ලබාදිමෙ හැකියාවක් නැහැ.කෙසේවෙතත් 2016 හා 2017 උසස් පෙළ ප්‍රතිළුල මත පසුගිය ඔක්තෝමිබර් හා නොවැමිබර් මාසයන්හි විද්‍යාපීඨ වලට ඇතුළත් කරගත් කණ්ඩායමට මෙම උපාධිය දක්වා උසස් කිරිමෙ අවස්ථාවට එක්වීමට ඇති එකම බාධාව නමි ඔවුන් විද්‍යාපීඨ වලට ඇතළත් කරගත් ගැසටි පත්‍රය හා ඇතුලත් වීමෙදි ගිවිසගත් ඇප බැදුමිකරය ප්‍රකාරව තෙවසරක ඩිප්ලෝමා පාඨමාලාවක් හැදැරිමට එකග වීමයි.මෙයට නීතියමය කාරණාවක් බැවින් නිතී සංශෝධනය කිරිමක් මගින් මෙම කණ්ඩායමට උපාධිය ලබා ගැනිමෙ වැඩි අවස්ථාවක් පවතිනවා.ඒ වගේම ලබන වසරේදි 2018 උසස් පෙළ ප්‍රතිළුල මත ඇතුලත් කරගන්නා 2019 - 2021 කණ්ඩායමට මෙම උපාධි අවස්ථාව අනිවාර්යෙන්ම හිමිවෙයි.   
උපුටාගැනිම - ලංකාලෝකය.  




SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: