Friday, February 22, 2019

පාර්ලිමේන්තු ගෝරිය,මන්ත්‍රීන් 59කගේ නම් සභාගත කෙරේ; මිරිස්‌ කුඩු ගැසූ අයට නඩු,වැඩිම චෝදනා ජොන්ස්‌ටන්ට

SHARE

Loading...
 පාර්ලිමේන්තු සභා ගැබ තුළ දේපළ හානි සිදුකරමින්, පොලිස්‌ නිලධාරීන්ට මිරිස්‌ කුඩු සහ පොත්පත්වලින් දමා ගසමින් කළහකාරී ලෙස හැසිරුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පනස්‌ නව දෙනෙකුගේ නම් සහිත වාර්තාව කතානායක කරු ජයසූරිය මහතා විසින් ඊයේ (22 දා) සභාගත කරන ලදී.
මේ මන්ත්‍රීවරුන් අතුරින් පොලිස්‌ නිළධාරීන්ට මිරිස්‌ කුඩු ප්‍රහාර එල්ල කළ මන්ත්‍රීවරුන්ට එරෙහිව රාජ්‍ය නිළධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව යටතේ අධිකරණය හමුවේ නඩු පැවරීම සිදුකරන බව කී කතානායකවරයා සභා ගැබෙහි දේපළවලට හානි කිරීම, මුලසුනට අවනත නොවීම වැනි චෝදනාවන්ට ලක්‌ව සිටින මන්ත්‍රීවරුන්ට එරෙහිව පාර්ලිමේන්තු වරප්‍රසාද පනත යටතේ දඬුවම් කරන බවද පැවැසුවේය.
පාර්ලිමේන්තු රැස්‌වීම පැවැත්වූ නොවැම්බර් 14, 15 සහ 16 යන දින තුන තුළදී සභාගැබෙහි කලහාකාරි ලෙස මන්ත්‍රීවරුන් හැසිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කතානායකවරයා විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාව මෙසේ සභාගත කරන ලදී.
නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ සභාපතිත්වයෙන් පත් කළ මෙම කමිටුවට සෑම පක්‍ෂයක්‌ම නියෝජනය වන පරිදි සාමාජික මන්ත්‍රීවරුන් පත් කෙරිණි. එහෙත් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් කමිටුවට පත් කළ චමල් රාජපක්‍ෂ සහ චන්ද්‍රසිරි ගජධීර යන මන්ත්‍රීවරුන් දෙදෙනා කමිටුවේ කටයුතුවලට සහභාගි නොවන බව දැනුම් දුන් බව වාර්තාවේ සඳහන් වේ.
මෙම වාර්තාවේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මන්ත්‍රීවරුන් 54 දෙනෙකුටද එජාපයේ මන්ත්‍රීවරුන් 4 දෙනෙකුට ද සහ ජවිපෙ එක්‌ මන්ත්‍රීවරයෙකුට එරෙහිව චෝදනා එල්ල කර ඇත.
එජාපයේ පාලිත තෙවරප්පෙරුම, රන්ජන් රාමනායක යන මන්ත්‍රීවරුන්ට පිහියක්‌ වැනි යමක්‌ අතැතිව සිටීම, තුෂාර ඉඳුනිල් සහ චන්aදිම ගමගේ යන දෙදෙනා කළහකාරී ලෙස හැසිරීම ජවිපෙ විජිත හේරත් මන්ත්‍රීවරයාට මුලසුන දෙසට පැමිණ යමක්‌ තර්ජනාත්මකව පැවසීම යන චෝදනා එල්ල කර ඇත.
පොලිස්‌ නිලධාරීන්ට මිරිස්‌ කුඩු ප්‍රහාර එල්ල කිරීම, මුලසුනේ ඇති මයික්‍රපෝනය කඩා දැමීම, සෙංකෝලය තබන මේසය පෙරලා දැමමින් සභා ගැබෙහි දේපළවලට හානිකිරීම කතානායකවරයාට වතුර බෝතල් සහ පොත්පත් ප්‍රහාර එල්ල කිරීම ආදී චෝදනා ලැබූ එජනිස මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 54 දෙනෙකි.
වැඩිම චෝදනා සංඛ්‍යාවක්‌ එල්ල කර තිබෙන්නේ  ප්‍රනාන්දු මන්ත්‍රීවරයාටය. චෝදනා ගණන 16 කි. ඉන්පසු චෝදනා 12 ක්‌ ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයාටද විමල් වීරවංශ මන්ත්‍රීවරයාට චෝදනා 10 ක්‌ද ඉන්දික අනුරුද්ධ, ප්‍රියංකර ජයරත්න, පද්ම උදයශාන්ත, ආනන්ද අලුත්ගමගේ යන අයට චෝදනා 09 බැගින් එල්ල කර ඇත.
එස්‌. බී. දිසානායක මන්ත්‍රීවරයාට චෝදනා 2 ක්‌, පියල් නිශාන්ත මනත්‍රීවරයාට චෝදනා 3 ක්‌, ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයාට චෝදනා 4 ක්‌, දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාට චෝදනා 2 ක්‌, ජයන්ත සමරසිංහ මන්ත්‍රීවරයාට චෝදනා 5 ක්‌, රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයාට චෝදනා 3 ක්‌, තිලංක සුමතිපාලට චෝදනා 2 ක්‌, දිලුම් අමුණුගමට චෝදනා 2 ක්‌, සිසිර ජයකොඩිට චෝදනා 6 ක්‌, කාංචන විඡේසේකරට චෝදනා 4 ක්‌, පාලිත තෙවරප්පෙරුම චෝදනා 2 ක්‌, පවිත්‍රා වන්නිආරච්චිට චෝදනා 5 ක්‌, මහින්දානන්ද අලුත්ගමගේ චෝදනා 7 ක්‌, රංජිත් සොයිසා චෝදනා 5 ක්‌, එස්‌. එම්. චන්ද්‍රසේන චෝදනා 8 ක්‌, ඩී. වී. චානක චෝදනා 4 ක්‌, අරුන්දික ප්‍රනාන්දු චෝදනා 2 ක්‌, ඩලස්‌ අලහප්පේරුම චෝදනා 2 ක්‌, විමලවීර දිසානායක චෝදනා 3 ක්‌, අනුරුද්ධ ජයරත්න චෝදනා 5 ක්‌, භාරතී දුෂ්මන්ත චෝදනා 3 ක්‌, සනත් නිශාන්ත චෝදනා 5 ක්‌, කනක හේරත් චෝදනා 5 ක්‌, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලෙ චෝදනා 2 ක්‌ ජනක බණ්‌ඩාර තෙන්නකෝන්ට චෝදනා 2 ක්‌, වෛද්‍ය රමේෂ් පතිරණ චෝදනා 2 ක්‌, විජිත බේරුගොඩට චෝදනා 2 ක්‌, මොහාන් ප්‍රියදර්ශනට චෝදනා 2 ක්‌, වාසුදේව නානායක්‌කාර චෝදනා 4 ක්‌, ජනක වක්‌කුඹුර චෝදනා 3 ක්‌, නිරෝෂන් ප්‍රේමරත්න චෝදනා 4 ක්‌, නිශාන්ත මුතුහෙට්‌ටිගම චෝදනා 3 ක්‌ එල්ල වී ඇත.
ලොහාන් රත්වත්ත, විජිත හේරත්, චන්දිම ගමගේ, රන්ජන් රාමනායක, සුසන්ත පුංචිනිලමේ, ශෙහාන් සේමසිංහ, තේනුක විදානගම, උදය ගම්මන්පිල, තාරානාත් බස්‌නායක, නිමල් ලන්සා, රොෂාන් රණසිංහ, සී. බී. රතනායක, ටී. බී. ඒකනායක, ලක්‍ෂමන් යාපා අබේවර්ධන, තාරක බාලසූරිය, ලක්‍ෂමන් වසන්ත, ආචාර්ය බන්දුල ගුණවර්ධන, සාලින්ද දිසානායක, ප්‍රේමලාල් ජයසේකර සහ ඩුලිප් විඡේසේකර යන මන්ත්‍රීවරුන්ට එක චෝදනාව බැගින් එල්ලකර ඇත.
-දිවයින පුවත්පත




SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: