Friday, January 11, 2019

පක්ෂග්‍රාහී මාධ්‍ය ආයතනවලට සිවිල් සංවිධානවල විරෝධයක්

SHARE
පක්ෂග්‍රාහී මාධ්‍ය ආයතනවලට 
සිවිල් සංවිධානවල විරෝධයක්

පක්ෂග්‍රාහී ලෙස මාධ්‍යකරණයේ නියුතු මාධ්‍ය ආයතනවලට විරෝධය පළ කිරීමේ විරෝධතාවයක් ඊයේ (10) කොළඹ කොටුව දුම්රිය පොල ඉදිරිපිටදී පැවැත්විණි.

සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන්, මාධ්‍යවේදීන්, දේශපාලන පක්ෂ ක්‍රියාකාරිකයන් ඇතුළු පිරිසක් මෙම විරෝධතාවය සඳහා එක්ව සිටි අතර ඔවුන් කලු ඇඳුමින් සැරසී විරෝධතාව පැවැත්වීය.

ඔවුන් අදාළ විරෝධතාව පවත්වනු ලැබුවේ එක් එක් මාධ්‍ය වෙත සිය අදහස් ඇතුළත් ලිපියක් සමඟ ඉල්ලීමක්ද කරමිණි. සිරස හා මවුබිම ආයතනවලට ආදළ ලිපි බාර දීමට ගිය අවස්ථාව වලදී ඔවුන් අවම සදාචාරය ලෙස අදාළ ලිපි බාර ගැනීම නොකොට ඔවුන් සමඟ ගැටුම් ඇතිකර ගැනීමට උත්සාහ කර තිබිණි.

විරෝධතාවයේදී අදහස් දැක්වූවන් ප්‍රකාශ කළේ බොහෝ මාධ්‍ය ආයතන පක්ෂග්‍රාහී ලෙස කටයුතු කරමින් සිටින බවයි. මහ ජනතාවට අයත් රූපවාහිනී සහ ගුවන් විදුලි සංඛ්‍යාත භාවිතා කරමින් බොහෝ මාධ්‍ය ආයතන මාධ්‍ය අවභාවිතා කරන බවත් ජනතාව වෙනුවෙන් පෙනී සිටිය යුතු මාධ්‍ය දේශපාලනඥයන් වෙනුවෙන් සහ මාධ්‍ය හිමිකරුවන් වෙනුවෙන් පමණක් පෙනී සිටින බවත් විරෝධතාකරුවන් අවධාරණය කරයි.

බොහෝ මාධ්‍ය තමන් අංක එක බව පවසමින්, අංක එක බවට පත්වීමට මාධ්‍යකරණයේ නාමයෙන් ඕනෑම ජඩ වැඩක්, ඕනෑම නින්දි ක්‍රියාවක් සිදු කරන බවත්, එවැනි මාධ්‍ය ආයතනවලට එරෙහිව සිය විරෝධය අඛණ්ඩව විරෝධතා සිදු කරන බවත් විරෝධතාවය අතර අදහස් දැක්වූවන් ප්‍රකාශ කළේය.



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: