Friday, January 11, 2019

ශ‍්‍රී ලංකාව ‘ඔරුමිත්ත-නාඩු’කරයි,පලාත් සභා නවයකට වෙන්වු පාලනයක්.- නව ව්‍යවස්ථාව සදහා යෝජනාවලිය මෙන්න..

SHARE
Loading...
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සදහා නිර්දේශ ලබා දීමට පත් කරන ලද විශේෂඥ කමිටු වාර්තාව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේදී රැස් වූ ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කරන ලදී.
මෙම යෝජනාවලිය අනුව ශ‍්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් සහ ඔරුමිත්ත නාඩු ලෙස හඳුන්වා දීමට යෝජනා කර ඇත.
බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දෙමින් අනෙක් සියලු ආගම් වලටද අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බව යෝජනා වී තිබේ.
නව ව්‍යවස්ථාවේ යෝජනා කර ඇත්තේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්තෙන් තෝරාපත් කර ගැනෙන අතර ඔහු පාර්ලිමේන්තුවට සම්බන්ධ නැති පුද්ගලයකු විය යුතු බවයි. එමෙන්ම ජනාධිපතිවරයා දේශපාලන පක්ෂයක සාමාජිකයකු හෝ නිලය දැරීම තහනම් කර ඇත.
කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වන්නේ අගමැතිවරයා වන අතර ඔහු අමාත්‍යවරුන්ගේ විෂය තීරණය කරන්නා ද වෙයි.
යෝජිත ව්‍යවස්ථා යෝජනාවලියේ දැක්වෙන්නේ පළාත් ආණ්ඩුකාරයා පළාත් මහ ඇමතිගේ සහ ඇමති මණ්ඩලයේ උපදෙස් අනුව කටයුතු කළ යුතු අතර සෑම පළාත් සභාවකටම පොලිස් කොමිසමක් සහ පොලිස් සේවයක් පවත්වාගෙන යාමට බලතල ලබා දීමටයි.
අදාල සම්පූර්ණ යෝජනාවලිය  දැක්වෙයි.




SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: