Monday, January 14, 2019

මෙගන් මාර්කල් - රාජකීය දරු උපත අප්‍රේල් අග

SHARE

 බ්‍රිතාන්‍ය රජ පවුලේ හැරී කුමරුගේ අලුත විවාපත් බිරිය වන හොලිවුඩ් නිළි මෙගන් මාර්කල් පසුගිය කාලයේ ලෝකයේ වැඩිම කථාබහට ලක්වූ තැනැත්තිය බවට පත්ව තිබුණි. 2018 මැයි මස ලෝකයේම අවධානය
ලබාගනිමින් ඔවුන්ගේ විවාහ උත්සවය පැවැත්වීමෙන් පසුවත් විවිධ කතන්දර ඔවුන් සම්බන්ධව වාර්තා විය.

මේ අතර ඇය ගැබිනියක බව රාජකීය මාලිගය නිල වශයෙන් දැනුම් දෙන ලද්දේ පසුගිය ඔක්තෝබර් මාසයේය. කෙසේ වෙතත් නව රාජකීය දරු උපත සිදුවන කාලය හෙළි කර තිබුනේ නැත.

බ්‍රිතාන්‍යයෙන් ලැබෙන අලුත්ම ආරංචි වලින් එම දින වකවානුව තහවුරු කර ඇති අතර එරට පළවන ‘පීපල්‘ පුවත්පත හෙළිදරව් කර සිටින්නේ 2019 අප්‍රේල් මස අග සතියේ මෙගන් මාර්කල් දරුවා බිහිකරනු ඇති බවයි.

අද (14) සඳුදා එංගලන්තයේ Birkenhead කළ සංචාරයක් අතරතුර මෙගන් විසින්ම මෙම හෙළිදරව්ව කර ඇත්තේ ඇය වටකරගත් පිරිස් ඉදිරියේය. දරු ගැබට මාස 6 ක් බවත් දරුවා අප්‍රේල් අග ලැබෙන බවත් ඇය කියා තිබේ.

මෙම තොරතුර මේ වනවිට බ්‍රිතාන්‍ය මාධ්‍ය වලට විශේෂ වූ පුවතක් බවට පත්ව ඇත.





SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: