Saturday, January 5, 2019

මහින්ද යලි අගමැති කරන්න සූදානම්,සැලසුම ක‍්‍රියාත්මකයි. – ජනාධිපති

SHARE
Loading...
මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීමේ සටන තමන් තවම අතහැරලා නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර ඇත.
ඒ සඳහා ශක්තිමත් සන්ධානයක් බිහි කර ඒ තුළින් සටන් කරන බව ද ජනාධිපතිවරයා පවසා තිබේ.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ජනාධිපති නිල නිවසේ දී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අමතමිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් කඩාගෙන ගොස් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හදන්න තමන් ඉඩ නොදෙන බවත් ඒ වෙනුවට ශක්තිමත් සන්ධානයක් මගින් අපේ ආණ්ඩුවක් ඇති කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය පසුගිය දිනවල තමනට විරුද්ධව කුමන්ත්‍රණය කරන මූලස්ථානය වූ බවත් එහි සිට විවිධ පුද්ගලයන් තමනට විරුද්ධව කුමන්ත්‍රණය කළ බවත් පැවසූ ජනාධිපතිවරයා තමන් පක්ෂ නායකයා බව ද එම පිරිස අමතක කර තිබූ බවත් සදහන් කර ඇත.
-lankacnews



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: