Saturday, January 5, 2019

දේශපාලනයට එන්නද සූදානම,මුරලිදරන් ආධාර බෙදා මාධ්‍ය අමතයි.

SHARE
Loading...
රටේ ජනතාවට සේවය කරන්ඩ අවශ්‍ය නම් එම සේවය  දේශපාලනයට පිවිසෙන්නේ නොමැතිව සිදු කල හැකි බව හිටපු ක්‍රිකට් ක්‍රිඩක මුත්තයියා මුරලිදරන් මහතා පැවසිය.
මුත්තයියා මුරලිදරන් මහතා ඒ බව කියා සිටියේ මුත්තයියා මුරලිදරන් මහතා සමාජික වශයෙන් කටයුතු කරන ගුණ ජය සතුට පදනම මගින් හැටන් කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන පාසල් 22 කට අයත් සිසු සිසුවියන් 850 දෙනෙකුට 2019 නව පාසල් වාරය  වෙනුවෙන්  රු 2300 ක් වටිනා පොත් බැග කට්ටලයක් හැටන් ඩි.කේ.ඩබ්ලිව්. ශාලාවේදි බෙදා දිමෙන් අනතුරුව පැවති මාධ්‍යය හමුවේදිය.
මෙම මාධ්‍යය හමුවේදි අදහස් දැක්වු මුත්තයියා මුරලිදරන් මහතා කියා සිටියේ තමන් ජනතාවට සේවය කරන්නේ දේශාපාලනට පිවිසිමේ අරමුණින් නොවන බවත්, රටේ ජනතාවට තමන්ගෙන් සිදු විය යුතු යුතුකමක් ඉටු  කිරිම සදහා බවයි.
රටේ ජනතාව නිසි ලෙස බදු ගෙවා ඔහුන්ගේ සේවය රටට නිසියාකාරව සිදු කර දේශාපලනයේදි නිසි තිරණ ගන්නේ නම් මේ රට මිට වඩා ඉහල තත්ත්වයක තැබිය හැකි බවයි මුත්තයියා මුරලිදරන් මහතා කියා සිටින්නේ.
මේ රටේ 45% ක ජනතාවක්  ඩොලර් දෙකක් වැනි දෛනික වැටුපකට රැකියාව කරන බවත්, එම වැටුපෙන් එම ජනතාවට ජිවත් විය නොහැකි නිසා ඔහුගේ ජිවන තත්ත්වය ඉහල දැමිමට රටේ දේශලපාඥයින් කටයුතු කල යුතු බවයි මුරලිදරන් මහතා කියා සිටින්නේ.
මේ රටේ දේශපාලඥයින් බල තණ්හාවෙන් බියෙන් ජිවත්වන දේශපාලඥයින් බවත්, දේශාපලන කිරිමේදි නිසි ලෙස තම සේවය ඉටු කරන්නේ නම්  බියෙන් ජිවත් විමට අවශ්‍යතාවයක් නොමැති බවද මුරලිදරන් මහතා කියා සිටිනවා.
වර්තමානයේ ශ්‍රි ලංකාවේ ක්‍රිකට්  ක්‍රිඩාව පත්ව ඇති තත්ත්වය පිලිබදව තමන් කණගාටු වන බවත්, එයට ක්‍රිකට් පරිපාලනය පමණක් නොව ඇතැම් ක්‍රිකට් ක්‍රිඩකයන්ද වගකිය යුතු බවයි මුත්තයියා මුරලිදරන් මහතා කියා සිටින්නේ.
වතු කම්කරුවන් මේ රටේ අඩු වැටුපකට සේවය කරන ජනතාවක් බවත්, ඔහුන්ගේ ජිවන තත්ත්වය මිට වඩා ඉහල දැමිමට ඔහුන්ගේ දෛනික මුලික වැටුප රු 1000 කට වඩා වැඩි විය යුතු බවයි මුරලිදරන් මහතා කියා සිටියේ.
– හැටන් රංජිත් රාජපක්ෂ  
cnews                     



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: