Saturday, December 15, 2018

ඩිල්දාසයි උගේ ගෝලයයි එජාපයට එපා : මහරගම එජාප පාක්ෂිකයන්ගෙන් නායකත්වයට රතු එළියක්

SHARE

ලාංකීය දේශපාලනයේ සැබෑ ප්‍රතිපත්තියක් නොමැති විජේදාස රාජපක්ෂ වැනි දුෂිතයන් නැවත එජාපයට නොගන්නා ලෙස මහරගම එජාපයේ ජේෂ්ඨයන් සියළු දෙනා සහ මහරගම නගර සභාවට තේරී පත් වූ එජාපයේ මන්ත්‍රීවරුන් 11 දෙනාගේ ඒකමතික තීරණයක් මත එජාප නායකත්වට ලිඛිතව දැනුම් දී ඇත.

මහරගම එජාපයේ ජේෂ්ඨයන් කිහිප දෙනෙකු දැක්වූ කෙටි අදහස් මෙන්න.

01. අද වනවිට මහරගම එක්සත් ජාතික පාක්ෂිකයන්ට රට හදපු පක්ෂය එපා වෙලා තියෙන්නේ ඩිල්කාරයෙක් මහරගම සංවිධායක කරලා දාපු නිසා. තව දෙයක් කියන්න ඕන. බැසිල්ගේ කටු ලෙව කාපු විජේදාස මහත්තයාගේ ලගම ගෝලයෙක් වෙච්ච අපේ නායකතුමාට හේත්තු වෙලා ඉන්න පැරෂුට් එකෙන් බැහැපු කෙනෙකුත් මහරගම ආසනේ ගන්න කුරුමානම් අල්ලනවලු. ඒ මහත්තයා මේ දවස් වල විජේදාස මහත්තයා හම්බ වෙන්න යන්නේ හොරෙන් රෑට රෑටලු. මම වගකීමෙන් කියනවා අපේ පක්ෂයේ නායකත්වයට මේ වගේ ඩිල්කාරයන්ට මහරගමට එන්න ඉඩ තියන්න එපා  - බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිමල් පිරිස් මහතා (එජාප) 

02. අපි යුඑන්පිය දිනවන්න මහන්සි වෙච්ච නියම යුඑන්පී කාරයෝ. අපේ ආසනේට උඩින් පාත් වෙච්ච අය ආපු නිසා අපිට පසුගිය පලාත් පාලන මැතිවරණයේදී ස්වාධීනව ඉල්ලන්න වුනේ විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා අපට තැනක් නොදී එයාට එහෙයි වෙච්ච වැඩ බැරි උන්ට තැන දීපු නිසා.. රනිල් වික්‍රමසිංහ අපේ නායකතුමාගෙන් ඉල්ලන්නේ මේ වගේ එහෙට මෙහෙට පනින දුෂිතයන්ට පක්ෂයේ ඉඩක් දෙන්න එපා කියලා. මේකත් කියන්නම ඕනේ. සමහර අය සංවිධායක කමට කෙල හලලා පොත්පත් ටිකක් බෙදලා ජනතාවගේ කැමැත්ත ගන්න හදනවා. එයාලට කියන්න ඕනේ අපේ ජනතාව එච්චර මෝඩ නෑ කියලා.  තව දෙයක් කියනවා එජාපය කියන්නේ සැබෑ සුදුස්සන් ඉන්න පක්ෂයක්. එයාලට තැන දෙන්න - මහරගම නගර සභාවේ නාගරික මන්ත්‍රී රුවන් ජයසිංහ මහතා (ස්වාධින)

03.මම මහරගම එජාපයේ පළමු යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, අපි මහරගම එජාපය දිනවන්න සෑම කැප කිරීමක්ම කළා. ඔය කියන ඩිල්දාස අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙලා ඉන්නේ අපේ මහන්සිය නිසා. ඒ මහන්සියට එක්සත් ජාතික පාක්ෂියන්ට මේ මිනිහා ඇමතිධුර දරලා කරපු කිසි දෙයක් නෑ. මම එක්සත් ජාතික පක්ෂ මහරගම බල මණ්ඩල ලේකම් වෙලා බලයක් නැතුව මේ ඇමතිගේ කිසිම උදව්වක් නැතුව මහරගම යුඑන්පී පාක්ෂිකයන් ඇතුළු ජනතාවට කරපුවා වලින් 1% විජේදාස ඇමතියා කරපු දෙයක් නෑ. අපි කියන්නේ මහරගම එජාප පාක්ෂියන්ගේ දහදිය සුවද හදුනන කෙනෙක් පත් කරන්න කියලා අපේ පක්ෂයේ ගරු නායකත්වයෙන් ඉල්ලා සිටිනවා - මහරගම නගර සභාවේ නාගරික මන්ත්‍රී ජයමිණි පුෂ්ප කුමාර (එජාප)

04. මම කියන්නේ ජනතාවගේ සැබෑ අවශ්‍යතාවය හදුනා ගත්ත ආසන සංවිධායක කෙනෙක් මෙතෙක් අපිට ලැබිලා නෑ. ආපු හැම කෙනාම පිටින් ඇවිත් මෙහේ නැවතුනු අය. මෙයාලා මහරගම ආසනයේ හතර කොන දන්නේ නැහැ. අපිට මේ සංවිධායකගෙන් ජනතාවට සේවය කරන්න ලැබුන දෙයක් නැහැ. සංවිධායකයි එයාගේ ලේකම්ලයි එයාලා උපන් ගම් වලට හැම දෙයක්ම සල්ලි වලට විකුණපු එකයි කලේ. මම කියන්නේ මහරගම ඉපදුන මහරගම මිනිස්සුන්ගේ ගුණ සුවද දන්නා සැබෑ යුඑන්පිකාරයෙකුට මේ මේක දෙන්න. වාසියට, මුදලට, බලයට විකිනෙන එහෙට මෙහෙට පනින ඩිල්කාරයෝ නම් නැවත අපට එපා - මහරගම නගර සභාවේ නාගරික මන්ත්‍රී පෙරේරා මහතා (එජාප)

එපමණක් නොව මහරගම එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයන් කිහිප දෙනෙකු පැවසු අන්දමට මහරගම  එක්සත් ජාතික පාක්ෂිකයන් අන්දවමින් විජේදාස රාජපක්ෂ මහතා සහ එරන්ද වැලි අංගේ මහතා බොරු විරසකයක් පෙන්වමින් මුලා කරන්න හැදුවත් හොරෙන් හොරෙන් හමු වීම් දන්නා බවත් ඔවුන්ගේ සම්බන්ධීකරණය කරන්නේ විජේදාස රාජපක්ෂ මහත්තයාගේ ලේකම් වගේම එරන්ද වැලිඅංගේ මහත්තයාගේ අඹ යාළුවා වෙච්ච තරුණ සේවා සභාවේ සභා අධ්‍යක්ෂක විදියට පත් කරන් හිටපු දසුන් නාගස්හේන කියන හොර කළු ලෝගුවා කියලා. එජාපයේ රහස් එලියට පිට කරන්නෙත් මෙයාලා කියලා තමයි මහරගම ගොඩක් අය කියන්නේ. ඔවුන් වැඩිදුරටත් පවසන ලද්දේ මේ අඩුපාඩු නිවැරදිව සකස් කර ගතහොත් එජාපය එකාන්තව ජයග්‍රහණය කරන බවය.

මහරගම නගර සභාවේ එජාපයේ මන්ත්‍රීවරුන් 11 දෙනාගේ ඒකමතික තීරණයක් මත එජාප නායකත්වට ඉදිරිපත් කල ලිපිය.

41,077 Viewers




SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: