Monday, December 17, 2018

ඉදිරි මැතිවරණයේදී එජාපය වෙනුවට ජාප්‍රපෙ නමින් සන්ධානයකින් එනවා - රනිල්

SHARE
 එක්සත් ජාතික පෙරමුණ සංවිධානය කළ යුක්තියේ සටන නමින් අද කොළඹ ගාලුමුවදොර පිටියේදී පැවති ජන රැළිය විශාල ජන රාශියකින් යුතුව පැවැත්විණි. එහිදී සභාව අමතමින් පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල්
වික්‍රමසිංහ මහතා විශේෂ හෙළිදරව්වක් කළේය.


එනම් එජාපය ඉදිරි මැතිවරණ සඳහා පුළුල් සන්ධානයකින් තරග වදින බවත් ඒ වෙනුවෙන් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමින් නව පක්ෂයක් ලියාපදිංචි කරන බවත්ය.
පසුගියදා ව්‍යවස්තාවට පටහැණි ලෙස ජනපති පාර්ලිමේන්තුව විසුරුවා හැර ගතවූ දින කිහිපය තුළ මහමැතිවරණය පිලිබඳ කතාබහක් එජාපය තුළ ඇතුවූ අවස්ථාවේ මෙම සංකල්පය මුල්වරට කල එලි බැස්ස බව දේශපාලන ආරංචි වාර්තා කර තිබුණි. එම නව පක්ෂයේ අරමුණ නම් දෙමළ මුස්ලිම් සිංහල සියලු පක්ෂ වලට එකම ලකුණකින් තරග වැදීමට ඇති හැකියාවයි. මහින්ද රාජපක්ෂගේ පොහොට්ටුව ඇතුළු සන්ධානයට ප්‍රබල තරගයක් ලබාදීමට නම් මෙවැනි සන්ධානයක් බිහි කළ යුතු බවට එජාපය තුලින් මෙන්ම එජා පෙරමුණට අයත් අනෙක් පක්ෂ වලින්ද අදහස් මතුව තිබුණි.
ඒ අනුව ඉදිරඑි මැතිවරණ සූදානමින් එජාපය මුලිවී මෙම නව පක්ෂයෙ වැඩ අරඹනු ඇත.


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: