Thursday, December 13, 2018

අද (14) තීන්දුව වැරදුණොත් මහින්ද සමග කැබිනට්ටුව ඉවත්වන තීරණයක්?

SHARE

මේ දිනවල පවතින දේශපාලන වාතාවරණය හමුවේ අධිකරණය
විධායකයට කරන බලපෑම් සුළු පටු නැත. ඊයේ 13 දින ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණයෙන් පසු මහින්ද රාජපක්ෂගේ විජේරාම නිවසේ සන්ධාන ප්‍රධානීන් ඇති කළ සාකච්ඡාව ඊට පසු ජනපති සමග සන්ධාන ප්‍රධානීන් පැවැත්වූ සාකච්ඡාවට වඩා වෙනස් මුහුණුවරක් ගෙන ඇති බව වාර්තා වේ.

ඊයේ අධිකරණ තීන්දුව සමග මෛත්‍රී ජනපතිවරයාට පමණක් නොව මහින්ද රාජපක්ෂ

ප්‍රතිරූපයටද හානි සිදුව ඇති බව ඔවුන් පෙන්වාදී ඇති අතර මෙම කාරණාව මත මධ්‍යස්ථ ඡන්ද රාශියක් මහින්දට අවාසිවන ලෙස ඉදිරි මැතිවරණවලදී හැසිරෙනු ඇතැයි කතාවී තිබේ.

මේ අනුව ඔවුන් වැඩිදෙනෙකුගේ අදහසවී ඇත්තේ බලය මත කෑදරව එල්ලී ඉන්නට දිගටම බංකොළොත් ශ්‍රිලනිපය තීන්දු කර ඇත්තේ වෙනත් විකල්පයක් නැති නිසා බවයි.

මේ නිසා වඩා වැදගත් හා කාලෝචිත පියවරක් ලෙස අගමැති ධූරයෙන් ඉල්ලා අස්වී මහින්ද ඇතුළු පිරිස යළි විපක්ෂයේ වාඩිවීම ප්‍රඥාගෝචර බව ය.
කෙසේ වෙතත් අද 14 අධිකරණය මහින්දගේ තනතුරට දුන් අතුරු තහනමට එරෙහි තීන්දුවක් දුන්නේ නැතිනම් මෙම ක්‍රියාව සිදුකරන්නටත් ඔවුන් කතිකා කළ බව දේශපාලන ආරංචි හෙළි කරයි.


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: