Tuesday, November 27, 2018

විවාහයෙන් පස්සෙත් සුපුරුදු පරිදි කටයුතු කරනවා

SHARE
2018-11-26-ent-08
 
යමීෂා රසාදි යනු නිරූපණ ක්‍ෂේත්‍රය තුළ කැපීපෙනෙන චරිතයකි. වෙළෙඳ දැන්වීම් ඔස්සේ නිරන්තරයෙන් ඇයව දැක ගැනීමට හැකියාව තිබේ. නිවේදිකාවක ලෙස කටයුතු කළ ඇය, මේ වන විට රූපවාහිනි දැන්වීම්වල ඉහළ නමක් දිනාගෙන ඇත. සිය ඉදිරි කලාකටයුතු පිළිබඳ කතාබහ කිරීමට ඇය මෙවර තරු කතාබහට මෙලෙස එක් වූවාය.

මේ දවස්වල හරි කාර්යබහුලයි නේද?2018-11-26-ent-02
ඔව්, ටිකක් විතර කාර්යබහුලයි. මොකද මගේ විවාහයට සූදානම් වුණා. 14දා තමයි මගේ විවාහ උත්සවය තිබුණේ. ඊට අමතරව වෙළෙඳ දැන්වීම් ගොඩකට දායක වුණා. ටියාරා, සමපෝෂ වගේ ‍වෙළෙඳ දැන්වීම් තමයි මේ දවස්වල යන්නේ. ඊට අමතරව ‘වස්ති’ එකේ අනුෂ්කගේ ගීතයකට සහභාගි වූණා. ඒ මියුසික් වීඩියෝව ටිකක් වෙනස්ම වැඩක්. ඒක ළඟදීම එයි.

රංගනයට ආරාධනා ලැබුණේ නැද්ද?
ආරාධනා නම් ලැබෙනවා. මේ දවස්වලත් ටෙලිනාට්‍ය දෙකක විතර රඟපාන්න ආරාධනා ලැබුණා. නමුත් තාම ඒවා හිතුවේ නැහැ. ඒවාට අනුව හැඩ ගැහෙන්න ඕන. ඒක නිසා තාම හරියට උත්තරයක් දුන්නේ නැහැ.

ටෙලිනාට්‍යවල රඟපාන්න කැමැති නැද්ද? නැත්නම් කාලවේලාවේ ගැටලුවක්ද තියෙන්නේ?
රඟපාන්න කැමැතියි. ඒකෙ චරිත ගැන බලන්න ඕන. ඒ වුණත් ඒ දේවල්වලට ගෙදරිනුත් කැමැත්ත ලැබෙන්න ඕන. ඒක නිසා තාම ඒ ගැන හිතනවා.

මියුසික් වීඩියෝවලට දායක වෙන්නේ නැත්තේ ඇයි?
මියුසික් වීඩියෝවලට ගොඩක් ආරාධනා ලැබෙනවා. නමුත් මම කැමැති නැහැ මේ මියුසික් වීඩියෝ යන රැල්ලට. ඒක නිසයි මම මියුසික් වීඩියෝ ගැන එච්චර හිතන්නේ නැත්තේ. වෙනස් නිර්මාණයක් ආවොත් භාර ගන්නවා. ඒකෙ සින්දුවත් අහලා, ස්ටෝරි බෝර්ඩ් එකත් බලලා තමයි තීරණය ගන්නේ. හොඳ වැඩක් නම් අනිවාර්යයෙන්ම කරනවා. ඉතිං ඒ වගේ එකක් තමයි අනුෂ්ක උදානගේ (වස්ති) මියුසික් වීඩියෝව. වෙනස් හොඳ වැඩක් කියලා ඒක අනිවාර්යයෙන්ම කියන්න පුළුවන්. ඒ වගේ වෙනස් නිර්මාණ බිහිවෙනවා අඩුයි. ඉතිං ඒ නිසයි මියුසික් වීඩියෝ ගැන මම හිතන්නේ නැත්තේ.

එකම මියුසික් වීඩියෝ රැල්ලක් තියෙනවා කියලද ඔබ කියන්නේ?
ඔව්, එක කාලයක් තිබුණා වෙනස් විදියේ ගීත නිර්මාණය වෙන. නමුත් දැන් එකම ආරේ මියුසික් වීඩියෝ තමයි නිර්මාණ වෙන්නේ. පසුගිය කාලයේ නිර්මාණය වුණු මියුසික් වීඩියෝ ගොඩක් විවේචනය වුණානේ. ඉතිං ඒ වගේ දේවල් නිසා තමයි මම මියුසික් වීඩියෝවලින් ඈත් වෙලා ඉන්නේ.

දායක වූ වෙළෙඳ දැන්වීම් ගැන කිව්වොත්?
මාව ගොඩක් ජනප්‍රිය වුණා ‘ආර්පිකෝ වතුර ටැංකි’ වෙළෙඳ දැන්වීම තුළින්. ඒක පොඩ්ඩක් විශේෂ වෙළෙඳ දැන්වීමක් කියලා කියන්න පුළුවන්. ඊට අමතරව, ‘රියානා කොස්මැටික්ස්’වල වෙළෙඳ දැන්වීම සඳහා දායක වුණා. ඒකේ සන්නාම තනාපති ලෙස කටයුතු කරන්නේ මමයි. සමපෝෂ, ඩයලොග්, මොබිටෙල්, හච් වැනි වෙළෙඳ දැන්වීම්වලට සහභාගි වුණා. ඒ වගේම පෑන් ඒෂියා සහ තවත් බැංකු කිහිපයක වෙළෙඳ දැන්වීම්වලට පසුගිය දවස්වල දායක වුණා. මේ ටිකේ වැඩකටයුතු ටිකක් නතර කරගෙන තියෙන්නේ විවාහයේ වැඩකටයුතු නිසා. ඒකෙන් පස්සේ තමයි හැම වැඩක්ම දාගෙන තියෙන්නෙ.

දැන් නිරූපණයේ කොච්චර කල්ද?
උසස් පෙළින් පස්සේ තමයි බ්‍රයිඩල්, ෆොටෝ ෂූට් වගේ ඒවා කළේ. ඊට පස්සේ ටික කාලයක් කළේ නැහැ. මොකද උසස් පෙළෙන් පස්සේ අධ්‍යාපනය කටයුතු සඳහා දායක වෙලා හිටිය නිසා. මම ආයේ ක්‍ෂේත්‍රයට ආවේ හරියටම 2015 වගේ. ඊට පස්සේ තමයි එක දිගටම වැඩ කරන්න පටන් ගත්තේ.

ලංකාවේ නිරූපණ ක්‍ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?
ඉස්සරට වඩා ගොඩක් හොඳයි කියලා කියන්න පුළුවන්. මොකද ඉස්සර මේ ක්‍ෂේත්‍රය ගැන ඉගෙන ගන්න තැන් තිබුණේ නැහැ. දැන් නම් ඉස්සරහට එන්න ගොඩක් අවස්ථා තියෙන්නේ. ඉතිං ඒ දේවල්වලින් හරි මොකක්ද, වැරදි මොකක්ද කියන දේ තෝරා බේරා ගෙන ගියොත් ක්‍ෂේත්‍රය ගැන හොඳයි කියන්න පුළුවන්. ඉගෙන ගෙන ආවොත් ඉදිරියටම යන්න පුළුවන්. මම හිටියේ ඉතාලිවල. මම ඉගෙන ගත්තෙත් එහේ. උසස් පෙළෙන් පස්සෙයි මම ලංකාවට ආවේ. එහේ ෆැෂන් මොඩලින්වලට විශාල තැනක් තියෙනවා. යුරෝපීය රටවලින් ඉදිරියෙන්ම ඉන්නේ ඉතාලියයි. එහෙත් එක්ක බලද්දී ලංකාව දියුණු වෙමින් පවතිනවා කියලා කියන්න පුළුවන්. අද වෙද්දී ගොඩක් දෙනෙක් ඉගෙන ගෙන තමයි මේ දේවල් කරන්නේ. හොඳ තැනක තියෙනවා කියලා හිතනවා.

පෙම්වතාත් ඔබේම ක්‍ෂේත්‍රයේ කෙනෙක් නේද?
ඔව්, එයා මට කලින් ක්‍ෂේත්‍රයට ආපු කෙනෙක්. ඒ කාලේ ඉඳන් දැනහැඳින ගෙන හිටිය දෙන්නෙක්. අපේ ලොකු සම්බන්ධයක් තිබුණේ නැහැ. ඊට පස්සේ අපේ ගෙවල්වලින් අහලා අවුරුදු හතරක්, පහක් විතර ආශ්‍රය කරලා තමයි විවාහ වෙන්න තීරණය කළේ. එයාගේ වෘත්තීය නිරූපණය නෙමෙයි. එයා ‘Personal Trainer’ කෙනෙක්.

ඔහුගෙන් ඔබට ලැබෙන සහයෝගය?
මම දෙයක් කරනවා නම්, ඔහුට ඒ ගැන මම අනිවාර්යයෙන්ම කියනවා. එයාට මට වඩා මේ ක්‍ෂේත්‍රය ගැන දැනුමක් තියෙනවා. ඉතිං එයා කියනවා මේක කරනවා නම් මෙහෙමයි, කියලා. ඒ දේ එපා නම් එපා කියලා ඔහු කෙළින්ම කියනවා. ඒක නිසා මුල ඉඳන්ම ගෙදර අයගෙන් වගේම එයාගෙනුත් අවසර ඇතිව තමයි හැමදේම මම කළේ.

විවාහයෙන් පස්සෙත් නිරූපණ කටයුතු කරනවාද?
ඔව්, විවාහයෙන් පස්සෙත් සුපුරුදු පරිදි වැඩකටයුතු ටික කරගෙන යනවා.

වෘත්තිය දැන් නිරූපණය කියන්නේ?
දැනට නම් ඔව්, ඊට අමතරව මගෙයි, අම්මගෙයි පොඩි ව්‍යාපාරයක් තියෙනවා. ඒ ‘Custom Made dresses’ නිර්මාණය කරනවා. ඒකෙ දියුණු කර ගන්නවා වගේම, නිරූපණය කටයුතුත් කරනවා. ඉදිරියේදී මගේ ව්‍යාපාරය ගැන වැඩිපුර පොඩ්ඩක් අවධානය යොමු කරන්න තමයි බලාපොරොත්තුව. මොකද මගේම දෙයක් නිසා ඒක දියුණු කර ගන්න බලාපොරොත්තු වෙනවා. මම ඉතාලියේදී ඩිසයිනින් ගැන ඉගෙන ගත්තා. ඒ දේවලුත් ප්‍රයෝජනයට ගන්න ඕන නිසා ඒ ගැනත් හිතනවා.

නිවේදිකාවක් විදිහටත් කටයුතු කළා නේද?
ඔව්, ‘ITN’ එකේ ‘My Wedding’ වැඩසටහන නිවේදනය කළේ මමයි. ඉදිරියේදී වෙනත් දේවල් සඳහා ආරාධනා ලැබුණොත් කරනවා.

නිරූපණය පැත්තෙන් කිරුළක් දිනුවා නේද?
ඔව්, ‘Miss Progress 2016’ ලෙස කිරුළක් පැලඳුවා. ඒක තිබුණේ ඉතාලියේ. ඒකෙදි මට Title එකක් ලැබුණා. අපේ හැසිරීම, ඒ අයත් එක්ක කතා කරන්නේ කොහොමද? ඉන්නේ කොහොමද කියන දේ බලලා තමයි ‘Miss Cultural’ කියන Title එක ලැබුණේ. ඒකෙන් පස්සේ තමයි මට නිරූපණය පැත්තෙන් වැඩකටයුතු ලැබුණේ. ඉතාලියේ තිබුණු නිසා මට ලෙහෙසි වුණා. මොකද ඒ භාෂාව එහෙම මට පුරුදු නිසා.

නැවතත් තරගයක් සඳහා දායක වෙන්න අදහසක් නැද්ද?
2016 ‘මිස් ශ්‍රී ලංකා’වලට ඉදිරිපත් වුණාම අන්තිම 15 දෙනා අතරට එන්න මට අවස්ථාව ලැබුණා. ‘Miss Sri Lanka for Miss intercontinental’ කියන තරගයේදී ‘Miss Photogenic’ කියන Title එක ලැබුණා. ඊට පස්සේ ඉතාලියේ පැවැතුණු එකට දායක වුණා. ආයේ මට යන්න උවමනාවක් තිබුණේ නැහැ. මොකද ජාත්‍යන්තරව සහ දේශීය වශයෙන් මට තරග දෙකක ජයග්‍රහණය ලැබුණායින් පස්සේ මම සෑහීමකට පත් වුණා. දැනට මම ‘Miss Sri Lanka for Intercontinental - Photogenic 2016, Miss Sri Lanka for Miss Progress 2016, Miss Progress - Miss cultural Italy 2016’ යන Title දිනා ගෙන තියෙනවා.

ඉදිරි කටයුතු සහ බලාපොරොත්තු ගැන කිව්වොත්?
ලොකුම බලාපොරොත්තුව මගේ ව්‍යාපාරය ගැනයි. ඒක සඳහා Store එකක් විවෘත කරන්න ඉන්නවා. ඒවයි මගේ නිරූපණ කටයුතු වගේම පවුල් ජීවිතය බැලන්ස් එකේ තියාගෙන යන්න තමයි බලාපොරොත්තුවෙන් ඉන්නෙ.

ඩිලාන් ක්‍රිෂාන්ත

2018-11-26-ent-01 2018-11-26-ent-032018-11-26-ent-042018-11-26-ent-052018-11-26-ent-062018-11-26-ent-07




SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: