Tuesday, November 27, 2018

මාව වට්ටන්න බලාගෙන හිටපු පිරිසකුත් හිටියා

SHARE
2018-11-21-ent-117
ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක, සහය අධ්‍යක්ෂවරියක සහ නිරූපිකාවක ලෙස කලා ක්ෂේත්‍රයේ අංශ කිහිපයකම නිරත වන කෙනෙක් තමයි හිරෝෂිණී ගුණසේකර කියන්නේ. මේ වනවිට ඇය මෙම ක්ෂේත්‍රවලින් නිර්මාණ රැසකටම සිය දායකත්වය ලබාදී තිබෙනවා. ඉතින් හිරෝෂිණිට සාරවිට අපි ඉඩක් වෙන් කර දුන්නේ මේ විදිහටයි.

ඔබ ගැන හඳුන්වා දුන්නොත්?2018-11-21-ent-114
මගේ නම හිරෝෂිණි ගුණසේකර. මම නිරූපණ ක්ෂේත්‍රයේ වැඩකටයුතු කරනවා. ඊට අමතරව රංගන ශිල්පිනියක සහ සහය අධ්‍යක්ෂවරියක ලෙසත් වැඩ කරනවා. මේ වනවිට මම කලා ක්ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු 5ක් විතර වෙනවා.

නිරූපණ ශිල්පිනියක ලෙස දායක වූ නිර්මාණ ගැන කිව්වොත්?
ෆොටෝෂූට්, කමර්ෂල්, මියුසික් වීඩියෝ රැසකට නිරූපිකාවක් විදිහට දායක වෙලා තියෙනවා. සොෆ්ට්ලොජික් ඇතුළු ටී. වී. කමර්ෂල් කිහිපයක් කරලා තියෙනවා.

රංගනය පැත්තෙන් මොනවද දායක වුණු නිර්මාණ?
චිත්‍රපටයකට දායක වුණා. ඒකේ අවසන් කොටස තවම රූගත කළේ නැහැ. ඊට අමතරව බටහිර අහස සහ රාහු ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වුණා. ඒ නාට්‍ය දෙකම දැන් විකාශය වී අවසන්. රාහු නාට්‍යයේ රංගනයෙන් වගේම සහය අධ්‍යක්ෂවරියක විදිහටත් වැඩ කටයුතු කළා.

ඔබ කලාකටයුවල නිරත වන්නේ වෘත්තීය වශයෙන්ද?
ඔව්. මගේ වෘත්තීය තමයි මේ.

ක්ෂේත්‍ර රැසක නිරත වන කෙනෙකු විදිහට ප්‍රවීණයන්ගෙන් නවකයන්ට ලැබෙන සහාය කොහොමද?
මුල් කාලේදි නම් මට එහෙම ලොකු සහායක් ලැබුණේ නැහැ. ක්ෂේත්‍රයට අවතීර්ණ වෙලා වැඩ කරද්දි තමයි මට කට්ටියව හඳුනා ගන්න ලැබුණේ. ඒ අතර මට හොඳ සහායක් දුන්නු අයත් ඉන්නවා වගේම උදව් කරනවා කියලා මාව වට්ටන්න බලාගෙන හිටපු පිරිසකුත් හිටියා. ඒ අය හැම ක්ෂේත්‍රයකටම පොදුයිනේ.

නිරූපණ ක්ෂේත්‍රය දිහා අද ගොඩාක් දෙනා බලන්නේ නරක ඇහැකින්. ඒකට හේතුව විදිහට ඔබ දකින්නේ මොකද්ද?
මට හිතෙන්නේ මෙතන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ක්ෂේත්‍රයට එන අයගේ නොදැනුවත්කමයි. කිසිම හැදෑරීමක් නැතිව එන අය නිසයි මේ ගැටලුව ඇවිත් තියෙන්නේ. ඇත්තටම කිව්වොත් මේ ක්ෂේත්‍රයේ හොඳට වැඩ කරගෙන හොඳ ගමනක් යන්න පුළුවන්.

ඔබේ ඉදිරි වැඩ කටයුතු ගැන කිව්වොත්?
අලුත් ටෙලි නාට්‍යයකට සැලසුම් නිර්මාණය කරගෙන යනවා. එහි සහය අධ්‍යක්ෂවරිය විදිහට වැඩ කරන්නෙත් මමයි. එතකොට චිත්‍රපටයකටත් ආරාධනා ලැබුණා. ඒකට රංගනයෙන් දායක වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඊට අමතරව මට ලැබෙන වැඩ කරගෙන යනවා.

මේ ගමනට උපකාර කළ අය ගැන අවසන් වශයෙන් කිව්වොත්?
ඔව්. මුලින්ම මතක් කරන්න ඕනේ බ්‍රයන් කර්ක්‍රෝවන්ව. එයා තමයි මට නිරූපණය ඉගැන්වූයේ. එතකොට ප්‍රවීණ ඡායාරූප ශිල්පී ටෙනිසන් එදිරිසිංහ. එතකොට චාමර ජනරාජ් පීරිස් මහත්මාට ස්තුති කරන්න ඕනේ. එතකොට මගේ පවුලේ අය, යාළුවෝ සහ විශේෂයෙන් මගේ ප්‍රේක්ෂකයන්ට ස්තුති කරනවා.

සටහන - කැළුම් දේවින්ද

2018-11-21-ent-113 2018-11-21-ent-116 2018-11-21-ent-1182018-11-21-ent-119




SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: