Wednesday, September 30, 2020

20ට විරුද්දව රට පුරා විරෝධතා,කළු කොඩි ඔසවයි.

SHARE

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව රට පුරා විරෝධතා මාලාවක් පැවැත්වීමට සමගි ජන බලවේගය සංවිධානය කර ඇත.

ඒ අනුව එළඹෙන ඔක්තෝබර් මස 05 වැනි දා රට පුරා සියලු දිස්ත්‍රික්කයන්හි කළු පොඩි ඔසවමින මෙම විරෝධතාවය පැවැත්වීමට සංවිධානය කර ඇත.

සමගි ජන බලවේගය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසන්නේ ඊට සමගාමීව රට පුරා පත්‍රිකා බෙදමින් ජනතාව දැනුවත් කිරීමට ද කටයුතු කරන බවයි.

ඉන් පසුව ඔක්තෝම්බර් මස 6 වැනිදා කොළඹදී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවද ඔහු කියා සිටියේය.

-cnews




SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: