Thursday, June 4, 2020

වියානා සම්මුතියට වැඩ කලොත් කොරෝනා නෑ,මෙරට කොරෝනා නීතියට පයින් ගැසූ ඇමරිකාව කියයි.

SHARE
කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරියෙකු කටාර්හි සිට මෙරටට පැමිණ කටුනායක ගුවන්තොටුපොළේ දී කොරෝනා පරීක්ෂණ ප්‍රතික්ෂේප කරමින් පිටව ගිය බවට වන වාර්තා ඇමෙරිකානු තානාපති කාර්යාලය සනාත කරයි.

එහි මාධ්‍ය ප්‍රකාශිකාව සඳහන් කරන්නේ එම නිලධාරියා ශ්‍රී ලංකාවට පැමිණියේ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය සමග සමීප සම්බන්ධීකරණයකින් පසුව බවයි.

එමෙන්ම මෙරට තුළ නිරෝධායන කටයුතු සහ කොරෝ්නා මාර්ගෝපදේශන පිළිබඳවද දැනුවත් ඔහු පැමිණි බව ඇය සඳහන් කළාය.

එමෙන්ම ඇමරිකානු රාජතාන්ත්‍රික කාර්ය මණ්ඩල සංචාරයන්හි යෙදෙන්නේ රාජතාන්ත‍්‍රික සබඳතා ගැන වියානා සම්මුතියට අනුකූල බවද ඇය ප්‍රකාශ කළාය.

එමෙන්ම මෙම කාරණාවේදී තම නිලධාරියා ‍ශ‍්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ අනුව කටයුතු කර ඇතැයි විශ්වාසයෙන් තහවුරු කළ හැකි බවද ඇය කියා සිටියාය.

කෙසේ නමුත් මෙරට දැනට ක‍්‍රියාත්මක නිරෝධායන නීති තාම කිසිවෙකුට කොරෝනා පරීක්ෂණ සිදු කිරීම ප්‍රතික්ෂේප කළ නොහැකි බවත් එසේ ප්‍රතික්ෂේප කරන්නන් පැමිණීම රටටම හරවා යවන බවත් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේය.
-lankacnews.



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: