Wednesday, January 29, 2020

ඉදිරියේදී කොරෝනා ලංකාවේ පැතිරීම ගැන ලෝ ප‍්‍රකට විද්වතා හෙලි කරයි.

SHARE
කොරෝනා වෛරසය සදහා ප‍්‍රතිකාරයක් සොයා ගැනීමටතවත් බොහෝ කාලයක් ගතවනු ඇති බව හොංකොං විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මලිත් පීරිස් මහතා සදහන් කරයි.

මෙම වෛරසය අලුතින් හදුනාගත් වෛරසයක් යයිද පවසන ඔහු එම වෛරසයට ආසාදිතයාගේම ශරීරයෙන් ප‍්‍රතිශක්තිකරණය ගොඩනැගෙන බවද කියා සිටී.

සාර්ස් වෛරසය තරම් මෙම වෛරසය දරුණු නැති බවත් පවසන මහාචාර්යවරයා සාර්ස් වෛරසය වැලදුනු 10%ක පමණ මියගියද කොරෝනා වෛරසයේ මරණ අනුපාතය ඉතා පහල බවත් පෙන්වා දෙයි.

මේ මොහොත වන විට ශ‍්‍රී ලංකාව තුල එම වෛරසය පැතිරෙන බවට කිසිදු සාධයක් නැති බවත් ඇතැම්විට තවත් රෝගීන් තුන් හතර දෙනෙකු ඉදිරියේදී හමුවනු ඇති බවත් එසේ වුවා කියා වෛරසය ව්‍යාප්ත වීමක් සිදු වන්නේ යයි කිව නොහැකි බවත් ඔහු පැවසීය.

ශ‍්‍රී ලාංකිකයන් මේ මොහොතේ මුහුණු ආවරණ පැලද සිටීමේ කිසිම තර්කානුකූල තත්වයක් නැති බවත් ප‍්‍රතිචාර දැක්විය යුත්තේ සැබෑ අවදානමට යයිද කියයි.

අනාගතයේදී එවන් අවදානමක් ඇති වුවහොත් ඒ වන විට මුහුණු ආවරණ හිගතාවයක් ඇති විය හැකි යයිද ඔහු අවධාරණය කරයි.
-lankacnews.




SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: