Saturday, November 16, 2019

උතුරේ අන්තවාදය පරදමින් දකුණ පුරා මිලියන ගණනක පොහොට්ටු පිිපේ,ගොටාභය රාජපක්‍ෂ ජනාධිපති බවට පත් කර ගනී.

SHARE

ඊයේ දින පැවති ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම මේ වන විට අවසන් අදියරට පැමිණ තිබේ.ජනාධිපතිවරණයෙන් මේ වන විට ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලින් ලැබෙන ප්‍රතිඵල අනුව ගම්පහ, කොළඹ, ගාල්ල, මාතර, මොණරාගල, මාතර යන දිස්ත්‍රික්කවල සජිත් ප්‍රේමදාස මහතා පරාජය කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශාල වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජයගෙන ඇත.

වාර්තාවන ආකාරයට ගම්පහ 325,000, ගාල්ල දිස්ත්‍රික්කයේ 248,000, කොළඹ 175000, මාතර 225000කින් ජයගෙන ඇත.

ඡන්ද මධ්‍යස්ථාන වල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජිතයන් වාර්තා කරන අන්දමට ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා බවට පත්වීම සඳහා අවශ්‍ය ඡන්ද ප්‍රමාණය ඉක්මවා ගොස් තිබේ.

උතුර හා නැගෙනහිර පලාත්වලදී ගෝඨාභය රාජපක්ෂ මහතා දැඩි පසුබෑමක් පෙන්නුම් කළ ද දකුණේ අති බහුතර ආසන ප්‍රමාණයක් රාජපක්ෂ මහතා අතිවිශාල වැඩි ඡුන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් මෙම ජයග්‍රහණය වාර්තා කර තිබේ.

මෙම ප්‍රතිඵල මැතිවරණ කොමිසම විසින් නිකුත් කිරීමෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා ශ‍්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ජනරජයේ 07 වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතව ඇත.
-cnews




SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: