Wednesday, November 20, 2019

පළාත් 6 ක් සඳහා පත්කෙරුණු නව ආණ්ඩුකාරවරුන් මෙන්න

SHARE
නව ආණ්ඩුකාරවරුන් හයදෙනෙකු අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරිය ලෙස දිවුරුම් දුන්නේ විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොලයි.

දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ආචාර්ය විලී ගමගේ දිවුරුම් දුන් අතර, වයඹ පළාත් ආණ්ඩුකාර ලෙස ඒ.ජේ.එම්. මුසම්මිල් දිවුරුම් දෙනු ලැබුවා.

සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා වන්නේ ටිකිරි කොබ්බෑකඩුවයි.

ලලිත් යූ ගමගේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙසත්, රාජා කොල්ලූරේ ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙසත් ජනාධීපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: