Friday, October 18, 2019

යහපාලන බලකණු එක එක ගැලවේ,බස් ගමුණුත් සංගමයත් ගෙඩිය පිට්න් ගෝටාභයට එක්වෙයි..

SHARE
ඉදිරි ජනාධිපතිවරණයේදී ලංකා පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සහාය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා දීමට එකගතාවය පල කර ඇත.

සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද දිනයේ ගෝටාභය රාජපක්‍ෂ මහතා හමු වී මේ බව සදහන් කලේය.

තම සංගමයේ පූර්ණ සහාය ලබා දෙන බවද සභාපතිවරයා පැවසූ අතර හමුව සදහා සංගමයේ ප‍්‍රධාන නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.

ලංකා පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පසුගිය වසර ගණනාවක කාලයක් තිස්සේම එක්සත් ජාතික පක්‍ෂයට හිතවාදීව කටයුතු කරන ලද සංගමක් වන අතර මහින්ද රාජපක්‍ෂ රජය 2015දී පෙරලා දැමීමේ කටයුත්තට ප‍්‍රමුඛ කාර්යභාරයක්ද සිදු කලේය.
-Lankacnews.



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: