Sunday, August 25, 2019

සජිත් බිම අන්නා රනිල් ජනපති-මංගල අගමැති.

SHARE
Loading...
හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගත් අය වැරදිකරුවන්වූ අය ඉන්නවනම් හදිසිනීතිය ඉවත්වීමක් සමග ඒ අය ඒ තත්වයෙන් මිදෙනවා.ඒ නිසා මේක රජය දැනගත යුතුයි.හදිසි නීතිය ඉවත්කිරීමට බලපෑවේ එක්සත් ජාතික පත්ෂය මේ වෙලාවේ බලාපොරොත්තුවෙනවා මැතිවරණයක් අතලබග තියෙන්නේ මුස්ලිම් දේශපාලඥයන්ගේ සහ මුස්ලිම් ජනතාවගේ අනුකම්පාව දිනාගැනීමට ඔවුන්ගේ ඡන්ද ටික ලබා ගැනීමේ අරමුනින් තමයි හදිසිනීතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකලේ.

උදාගම් ව්‍යාපාරය කියන්නේ මුදල් කාබාසිනියා කිරීමේ ව්‍යාපාරයක් මේ තුල සිදුවන්නේ මහා මහජන මුදල් නාස්තියක්.ප්‍රචාරයට විතරක් විශාල මුදලක් වැය කරනවා.ලක්ෂ දෙකක ණයක් දීලා නිවාස වලට අත්තිවාරම් දාගෙන උන්හිටිතැන් නැතිව බලා ඉන්න ජනතාවට සිදුවෙලා තියෙනවා යයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා කීය.

හෙතෙම මේ බව සදහන් කලේ ඊයේ  25 දා ඇඹිලිපිටියේදී පැවැති ඉරිදා විග්‍රහය මාධ්‍ය හමුවේදීය. එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙලෙසද පැවසීය.

ගමක් විවෘත කරන හැම දවසකම සජිත්ල පත්‍රවල දැන්වීම් දානව.ලක්ෂ 32ක් විතර ඒවාට පමණක් වැය වෙනවා.මේක මහා මහජන මුදල් කාබාසිනියා කිරීමක්.මේ නිවාස ඉදිකිරීම්වල ඉන්න අය ඡන්දය දෙන හැටි බලන්න පුලුවන් එතුමා ජනපතිවරණයට ඉල්ලුවොත්.සජිත් මහතා ඉන්නේ විසිවන සියවසේ මිසක් විසි එක්වන සියවසේ නෙවෙයි.එදා එහෙම උනාට ගිනිපෙට්ටි ගෙවල් වලට ඡන්දය දෙන අය අද නැහැ.

එ ජා පය මේ වන විට ජනපතිවරන සටනේ දෙකඩ වෙලා ඉවරයි.හරින්ලගේ දේශපාලන දිලිදු කම හොදට පෙනෙනෙවා.සජිත් නැත්නම් එ ජා ප නායකයාගේ ගේ ලග හරීන්ල උපවාස කරන්න හදනවය කියන එක තුල මේ බව හොදටම දැනෙනවා.මේ අය මොන උපවාස කලත් සජිත්ට ජනපති අපේක්ෂකත්වය ලැබෙන්නේ නැහැ.

එළබෙන මැතිවරණයේදී එ ජා පය යන එන මං නැතිව පරදිනවයි කියල මාතරදී මංගල සමරවීර කිවිවා.මංගල කරන්නේ රනිල්ගේ කොන්ත්‍රාත් එකක්ද කියල සැකයි.සජිත් ගැන කියමින් ගිහිල්ල ඒක බැරිවෙන තත්වයට පත් කරල රනිල් ජනපති මංගල අගමැති කියල කිව්වොත් අපි පුදුම වෙන්නේ නැහැ.මංගල කියන්නේ යම් සංවිදාන හදන්න කඩන්න දක්ෂ චරිතයක්.

එදා ඉදන්ම සජිත් කදවුරේ සිටි අය අනාතවෙලා තියෙනවා.ඒ බව හොදටම අද්දකින්න පුලුවන්.නමුත් රනිල් එක්ක සිටි අයට එහෙම වෙලා නැහැ.කාලයක් පුරා දේශපාලන වශයෙන් ඒ අය ස්තාවරවෙලා තියෙනවා.

එජාපය කැඩීයෑම තුල හොදම වාසිය ලැබෙන්නේ අපේ අපේක්ෂකයාටයි.එ ජා පයේ ගැටුම තුල ගමේ එ ජා ප පාක්ෂිකයා දුර්වල වෙලා තියෙනවා.අපේ ගමනිනින් භාගයක් මේ වන විට ගිහින් අවසානයි.

ජනතා විමුක්ති පෙරමුණ වෙම ජනපතිවරණයට ඉල්ලීම එ ජා පයට අවාසියි.පසුගිය කාලයේ මහින්ද මහත්තයා ජනපති කරන්න ජවිපෙ උදව් කලා.එය අපි අගය කරනවා.නමුත් ජවිපෙ මෙවර වෙනම ඉල්ලීම හොදයි.දූෂන විරෝධී නමින් අරලියගහ මන්දීරයේ ජවිපෙ වෙනම කාර්යාලයක් දාගෙන කරපු කියපු දේවල් අපි දන්නවා.

– ප්‍රගීත් ජනක


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: