Monday, July 15, 2019

ඩෙටනේටර් 290ක් සමඟ 4ක් පිලියන්දලදී අත්අඩංගුවට

SHARE
පිලියන්දල – හැඩිගම ප්‍රදේශයේ නිවසක තිබී විද්‍යුත් ඩෙටනේටර් 290ක් සමඟ සැකකරුවන් 4 දෙනෙකු ඊයේ(15) පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

යුධ හමුදාව හා පොලීසිය එක්ව සිදුකරන ද මෙහෙයුමකදී මෙම ඩෙටනේටර් තොගය සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

අත්අඩංගුවට පත්ව ඇත්තේ අදාල නිවසේ හිමිකරු, ඔහුගේ පුතුන් දෙදෙනා සහ ඔවුන්ට එම ඩෙටනේටර් ලබාදී ඇති පුද්ගලයා ය.

සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.





SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: