Sunday, February 17, 2019

මාරවිල බස් අනතුරින් 4 ක් මරුට

SHARE

මාරවිල මහවැව ප්‍රදේශයේ දි අද (18 ) අළුයම මගී ප්‍රවාහන බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි ට්‍රාන්ස්පෝමර්යක ගැටි සිදුවු අනතුරින් පුද්ගලයින් සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුරින් තවත් පිරිමි පුද්ගලයින් 16 ක් හා කාන්තාවන් 3ක් ඇතුළුව 19දෙනෙකුට බරපතළ තුවාල සිදුව ඇතැයි වාර්තාවේ.
අද අළුයම 4.30 ට
පමණ මෙම අනතුර සිදුව ඇති බවත් වව්නියාව සිට කොළඹ බලා ගමන් කරමින් තිබු අර්ධ සුඛෝපභෝගි බස් රථයක රියදුරාට එහි වේගය පාලනය කර ගත නොහැකිව කන්ටේනර් රථය ගැටිමට ගිය අවස්ථාවේදි එයින් බේරා ගැනිමට බස් රථය ඉවතට ගත් අවස්ථාවේ දීමාර්ගයෙන් ඉවතට පැන අසල තිබු විශාල විදුලි ට්‍රාස්ෆෝමර්යක ගැටි ඇති බවත් වාර්තා විය.
අනතුරින් මරණයට පත් වු පිරිසෙන් තිදෙනෙකු පිරිමි පුද්ගලයන් වන බවත් මොවුන් ආරක්ෂක අංශවල සාමාජීකයින් දැයි සැකයක් පවතින බවට තොරතුරු අනාවරණය වී ඇත.
අනතුරින් තුවාල ලැබු 19දෙනා  අතර ද යුද හමුදා නිලධාරින් තිදෙනෙකු ද නාවික හමුදා නිලධාරියෙක්ද එක් සාමාජීකයකුද සිටින බවට රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
අනතුරින් බස් රථයේ ඉදිරිපස දැඩි ලෙස හානි සිදු වි ඇති බවත් ජිවිතක්ෂට පත් වු පිරිස බස් රථය තුළම සිරවී ඇති බව වාර්තා වෙයි.








SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: