Friday, January 11, 2019

වසර තුනහමාරකට පසු විපක්‍ෂ නායකට පණ එයි,මහින්ද ගේ ප්‍රශ්න වලින් අගමැති නිරුත්තර වෙයි.(video)

SHARE
Loading...
සිංහලයන්ට වෙනත් ජාතියක් පාගාගෙන සිටීමට අයිතියක් නැති සේම වෙනත් කිසිදු ජාතියකට තවත් ජාතිකයක් පෑගීමට අයිතියක් නැති බවද හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කළේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් වූ විශේෂඥ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී අදහස් පළ කරමිනි.
ව්‍යවස්ථාවක් ගෙන එන්නේ නම් සියලු ජාතීන්ට එකඟ විය හැකි ආකාරයෙන් ගෙන ආ යුතු බවත් එසේ නොකළහොත් අසාර්ථක වනු ඇති බවත් රාජපක්ෂ මහතා කියා සිටියේය.
වසර තුනහමාරකට පමණ පසුව විපක්ෂ නායකවරයෙකු ජාතික ප්‍රශ්නයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අදහස් දැක්වීමක් කළ පළමු අවස්ථාව මෙය විය.
මීට පෙර සිටි විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා එම කාලයේ දී සැලකිය යුතු වටිනාකම යුත් කිසිදු කරුණක් සම්බන්ධයෙන් මැදිහත් වීමක් දක්නට නොලැබින.
-lankacnews




SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: