Tuesday, January 8, 2019

SLFP හා SLPP අලුත් සන්ධානයෙන් ලකුණ ‘කුරුණිය’

SHARE
Loading...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්කර පිහිටුවන නව සන්ධානය සඳහා නම් කිහිපයක් යෝජනා වී ඇති බවත් ලකුණුද කිහිපයක් සලකා බලමින් තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.
නව සන්ධානය සඳහා නම් යෝජනාවේදී පක්ෂ දෙකේම නම් සමග කිට්ටු නමක් මේ වන විට සලකා බැලීමෙන් ඇති බව ද ඔහු සඳහන් කරයි.
දැනට වැඩි වශයෙන් අවධානය යොමුව ඇත්තේ නව සන්ධානයේ සලකුණ ලෙස ‘කුරුණිය’ යොදා ගැනීමට බවත් ‘චක‍්‍රායුධය’ යෝජනා වූ නමුත් එහි ඝණ පිහිටීම හොඳ නැති නිසා එය මදක් පසෙක තැබූ බවද ඔහු සඳහන් කළේය.
‘සල් මල’ සම්බන්ධයෙන් ද සලකා බලමින් සිටින බවත් ඔහු පැවසීය.
එසේම පිහිටුවන පක්‍ෂයේ ලකුණ පොහොට්ටුව නොවන බවද දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ඔහු මේ බව සඳහන් කළේ හිරු රූපවාහිනියේ ‘සලකුණ’ වැඩසටහන සමඟ සම්බන්ධ වෙමිනි.
-lankacnews



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: