Thursday, January 17, 2019

කාවන් රත්නායක ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති පුටුවට

SHARE
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙස කාවන් රත්නායක මහතා පත්කර ඇත.

ඒ මහතා ඊයේ (17දා) ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කාර්යාල පරිශ්‍රයේදී සිය රාජකාරී කටයුතු ආරම්භ කළේය.

 මීට පෙර එතුමා ලේක්හවුස් සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යන ආයතනයන්හි සභාපති ලෙස කටයුතු කර ඇත.


ඇමරිකාවේ උපාධිධාරියෙක් :

ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙකු වන ඔහු  1998 සිට 2007  දක්වා අයි.බී.එම්. සමාගමේ මෙරට ප්‍රධානියා වශයෙන් ද සේවය කර ඇත.

ඩයලොග් බ්‍රෝඩ් බෑන්ඩ් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් ද, ඩයලොග් ආසියාටා සහ කාර්ගිල්ස් සමාගම්වල ප්‍රධාන සමාගමික නිලධාරියා වශයෙන්ද ඔහු කටයුතු කර තිබේ.

පෞද්ගලික අංශයේ අති දක්ෂ කළමනාකරුවෙකු ලෙස සැලකෙන රත්නායක මහතා ඉකුත් වසර තුනක කාලය තුළ ලේක් හවුස් ආයතනයේ සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියෙහි විශාල පරිවර්තනයක් ඇති කිරීමට නායකත්වය දුන්නේය.

ඔහු දකුණු පළාතට මෝටර් රථයක් පළමුවෙන් ගෙන ගිය දෙනියායේ රත්නායක පවුලේ සාමාජිකයකු වේ.

මේ අවස්ථාවට වරාය, නාවික සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ. 



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: