Tuesday, January 15, 2019

පළාත් සභා ඡන්දය ඉල්ලා පොහොට්ටුව ශ්‍රේෂ්ඨාධිකරණයට

SHARE
Loading...

පළාත් සභා මැතිවරණය පවත්වන්නැයි නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යෑමට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවසීය.
උතුරුමැද, සබරගමුව, ඌව පළාත් සභාවල හිටපු මහ ඇමැතිවරුන් විසින් පළාත් සභා මැතිවරණය ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කරන බවද මන්තී‍්‍රවරයා සඳහන් කළේය.
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන්නේ මැතිවරණයක් ඉල්ලා මිස මැතිවරණයක් එපා කියා නොවන බවත් මෙලෙස අධිකරණය හමුවේ කාලය ගත කිරීමට ඉඩ නොතබා ජනතාවගේ ඡුන්ද අයිතිය හැකි ඉක්මනින් ලබාදෙන ලෙස ආණ්ඩුවට බලකර සිටින බවත් මන්තී‍්‍රවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
බත්තරමුල්ල නෙළුම් මාවත ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (15 දා* පැවැති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්.එම්. චන්ද්‍රසේන මහතා මේ බව පැවැසීය.
-දිවයින පුවත්පත



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: