Sunday, January 6, 2019

රාජ්‍ය-සංස්ථා සභාපතීන් පත් කෙරෙන ජනපති උපදෙස් චක්‍රලේඛය ඉතා හොඳ පියවරක්

SHARE
රාජ්‍ය , අර්ධ රාජ්‍ය, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ සංස්ථාවල සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කළ

චක්‍රලේඛය ඉතා හොඳ පියවරක් බැවින් ඒ අනුව කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පෙරමුණේ ඇමැතිවරුන්ට දැනුම් දෙනු ලැබීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම දැනුම්දීම කළේ කොළඹ අරලියගහ මන්දිරයේදී ඊයේ (06) පැවැති මැති ඇමැතිවරුන්ගේ හමුවකදී අදහස් දක්වමිනි.

රාජ්‍ය , අර්ධ රාජ්‍ය, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ සංස්ථා සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන් පත් කිරීම් සඳහා සුදුසුකම් බලා නිර්දේශ ඉදිරිපත් කිරිමට කමිටුවක් පත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත චක්‍රලේඛයක් නිකුත් කෙරිණි.

ජනාධිපති නියෝජිතයින් දෙදෙනෙක්, අග්‍රාමාත්‍ය නියෝජිතයින් දෙදෙනක් සහ මුදල් අමාත්‍යංශයේ නියෝජිතයෙක් ඉහත කමිටුවට ඇතුළත් වෙති.

රාජ්‍ය ආයතන ප්‍රධානීන් පත් කිරීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කරමින් කමිටුවක් පත්කිරීමට ජනපති ගත් තීරණය ඉතා හොඳ තීරණයක් බව කී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සියලු අමාත්‍යවරුන්ට ඒ අනුව කටයුතු කළ යුතු බව ද පෙන්වා දුන්නේය.



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: