Tuesday, January 8, 2019

මිතුරකුගේ සාදයකට ගොස් එද්දි මෝටර් රිය පෙරළී මොරටු සරසවි සිසුවා ජීවිතක්‍ෂයට

SHARE
Loading...
මාතර බලා ගමන්කරමින් තිබූ මෝටර් රථයක් පෙරේදා (07 ) රාත්‍රි 11.40 ට පමණ දික්වැල්ල අ`ඵත් පාරේ ගම්වැඩුම්හල වංගුවේදි මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්වීමෙන් විශ්ව විද්‍යාල ශිෂ්‍යයකු මරුමුවට පත්වි ඇති බව දික්වැල්ල පොලිසිය කියයි.
හක්මන දෙනගම පල්ලෙවෙල පදිංචි මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුවකු වු 23 හැවිරිදි බඹරැන්ද ගමගේ රොෂාන් ලක්මාල් නැමති අයෙක් මෙසේ මරණයට පත්ව ඇත.
මෙම විශ්ව විද්‍යාල සිසුන් තිදෙනා වලස්ගල ප්‍රදේශයේ මිතුරකුගේ සාදයකට සහභාගි වි ආපසු යමින් සිටියදි වංගුවේදි රථයේ වේගය පාලනය කිරීමට නොහැකිව බෝක්කුවක් උඩින් පාරෙන් ඉවතට පැන ගසක වැදි ගොඩනැගිල්ලක බිත්තියේ වැදි නතර වි ඇත .
විශ්ව විද්‍යාල සිසුවකු වන 23 හවිරිදි මාතර වල්ගම ප්‍රදේශයේ පදිංචි රියදුරාද අත්අඩංගුවට ගෙන ඊයේ (8 ) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය තිබුණි.
මෙම වංගුවේ මීට පෙරද අනතුරු ගණනාවක් සිදුවි ඇති බව පවසන ප්‍රදේශවාසිහු කියති. 
-දිවයින පුවත්පත


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: