Tuesday, January 15, 2019

අගමැති හා ජනාධිපති උපදේශක අතර රහස් හමුවක?

SHARE
ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක නීතිඥ ශිරාල් ලක්තිලක මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර රහස් හමුවක් පසුගියදා සිදුව ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. අගමැතිවරයාගේ ආරාධනය මත එම සාකච්ජාව සිදුව ඇති අතර ජනාධිපතිවරයාගේ ද අනුමැතිය ඊට හිමිව ඇතැයි ද පැවසේ.

පසුගිය මාස කිහිපයේ සිදුවූ අමිහිරි දේශපාලන සිදුවීම පසෙකලා ඉදිරි කාලයේ දී ජනතාවට අපහසුතාවයක් නොවන පරිදි ආණ්ඩුව පවත්වා ගෙන යාමටත් ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර පවතින විරසකය සමතයකට පත්කර ගැනීමටත් ගතයුතු ක්‍රියාමාර්ග මෙහිදී සාකච්ජාවට ලක්ව ඇතයි ඉහත ආරංචිමාර්ග කියා සිටින අතර මෙම සුහඳ හමුව අතිශයින් පලදායී බව වූ බව ද වාර්තා වේ.

ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර පවතින විරසකය සමතයකට පත් කිරීම සඳහා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ද පසුගිය කාලයේ බලවත් උත්සහයක් දරා තිබිණ.



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: