Wednesday, January 16, 2019

"හඳුන්කුරු විකුණන මුවාවෙන් ගුරුවරියකගෙ රන්මාලයට විද්ද අඹුසැමි යුවළ දැලේ."

SHARE
Loading...
හඳුන්කුරු විකුණන මුවාවෙන් නෙළුව ඇඹලගෙදර ප‍්‍රදේශයේ නිවසකට ඇතුළුවි එහි සිටි විශ‍්‍රාමික ගුරුවරියකගේ ගෙල බැදි රන්මාලය හා පෙන්ඩනය කොල්ලකැමේ සිද්ධියට සම්බන්ද අඹු සැමි යුවළක් නෙළුව පොලිසිය මගින් පසුගියදා (13* අත්අඩංගුවට ගෙන ඇත)
මෙකි අඹු සැමි යුවළ තම දරුවා සමග යතුරුපැදියකින් ඇඹලගෙදර ප‍්‍රදේශයට පැමිණ තිබේ. සැමියා යතුරු පැදිය නවතාගෙන මාර්ගයේ සිට ඇත. කාන්තාව හ`දුන්කුරු විකුණන මුවාවෙන් විශ‍්‍රාමික ගුරුවරිය සිටි නිවසට ගොස් ඇත. හ`දුන්කුරු පැකට් 07ක් විශ‍්‍රාමික ගුරුවරියට රුපියල් 100ක මුදලකට අලෙවි කොට තිබේ.. ඇය සැකකාර කාන්තාවට මුදල් ලබාදිම ස`දහා නිවස තුලට ගොස්ඇත. එහිදි සැකකාර කාන්තාව විශ‍්‍රාමික ගුරුවරියගේ ගෙල බැදි රන්මාලය හා පෙන්ඩනය කොල්ලකාගෙන ඇය නිවසේ නාන කාමරයට දමා දොරවසා පලාගොස් ඇත.
පසුව නෙළුව පොලිසිය මගින් මේ පිළිබද විමර්ශනයක් සිදුකරණු ලැබිය. ඇඹලගෙදර හන්දියේ නිවසක සවිකොට තිබු ආරක්ෂිත කැමරා පද්ධතිය පරික්ෂා කිරිමේ දි රතු පැහැති යතුරුපැදියකින් කුඩා දරුවකු සමග පැමිණි අඹු සැමියුවළක් යතුරුපැදිය නවතා ඒ අසල තිබු වෙළදසැලකට යන අයුරු එහි සටහන්ව තිබි ඇත. එම වෙළද සැළෙන් හදුන්කුරු පැකට් 07ක් මිලදි ගන්නා අයුරුද කැමරාවේ සටහන්ව තිබුණි.
විශ‍්‍රාමික ගුරුවරියට අලෙවිකොට ඇත්තේ හදුන්කුරු පැකට් බව පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
ආරක්ෂිත කැමරාවේ යතුරුපැදියේ අංකය සටහන්ව තිබු අතර මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් දේපාර්තමේන්තුවෙන් යතුරුපැදියේ අයිතිකරු තහවුරුකර ගැනිමට පොලිසිය
මගින් කටයුතු කර ඇත.ඒ ඔස්සේ පරික්ෂණ පැවැත්වු පොලිසිය යතුරුපැදියේ අයිතිකරු දොම්පේ ප‍්‍ර දේශයේ බවට හදුනාගනු ලැබිය. නෙළුව පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් දොම්පේ ප‍්‍ර දේශයට ගොස් කුලි නිවසක සිටි මෙකි අඹු සැමි යුවළ අත්අඩංගුවට ගනුලැබිය. පෙන්ඩනය පල්ලේබැද්ද ප‍්‍ර දේශයේ උගස් මධ්‍යස්ථානයකට උගස්කොට තිබියදි පොලිසිය මගින් සොයා ගනු ලැබිය. සැකකාර කාන්තාවගේ සැමියා බස් රථ රියදුරකු බව පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වි ඇත.
-දිවයින පුවත්පත


SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: