Wednesday, January 16, 2019

'දකුණේ ඡන්ද වේගයෙන් නැතිවෙනවා,නව ව්‍යවස්ථාව අකුලනු,නැතොත් අපි තීන්දුවක් ගන්නවා.'

SHARE
Loading...
යෝජිත නව ව්‍යවස්ථාව ජනාධිපතිවරණයට පෙර කිසිසේත්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලෙස එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් කිහිපදෙනකු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ දැඩිව අවධාරණය කර තිබේ.
යම් ලෙසකින් සිය අදහසට ඇහුම්කන් නොදී එය ඉටු කිරීමට කටයුතු කළහොත් දේශපාලන තීන්දුවක් ගැනීමට සිදුවන බවද ඔවුන් අවධාරණය කර ඇති බව ආණ්ඩුවේ ජේ‍යෂ්ඨ ඇමැතිවරයෙක් පැවැසීය.
පසුගිය සිකුරාදා (11දා) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වී ඉදිරිපත් කළ යෝජනාවලිය පදනම් කරගෙන ආගමික නායකයන්, මහ නායක හිමිවරුන් මෙන්ම දේශපාලන බලවේග ආණ්ඩුව දැඩිව විවේචනය කරන බවත් ඉන් දකුණේ ඡන්ද පදනම බරපතළ ලෙස අහිමි වී යන බවත් එම පක්‍ෂ නායකයන් පිරිස අගමැතිවරයාට පෙන්වා දී ඇති බවද වාර්තා වේ.
අදාළ යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළහොත් දෙමළ ජාතික සන්ධානයද ආණ්ඩුවට එරෙහිව කටයුතු කිරීමේ සූදානමක් පවතින අතර එසේ වුවහොත් අය _ වැය සම්මත කිරීමද අපහසු වන බව එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරුන් පිරිසක් මෙහිදී සඳහන් කර ඇත.
එහිදී අගමැතිවරයා සඳහන් කර ඇත්තේ මෙය සම්මත කිරීමට නම් තුනෙන් දෙකක බලයක් අවශ්‍ය වන බවත් එය පාර්ලිමේන්තුවේ නොමැති නිසා එතරම් ගැටලුවක් නොවන බවත්ය.
–Mawbima News paper.



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: