Friday, January 11, 2019

බොරු සාක්‌ෂි දුන් කාන්තාවට හිමිවුන අමතක නොවන පාඩම

SHARE
හලාවත මහාධිකරණයේ විභාග වන නඩුවකදී පැමිණිල්ලේ සාක්‌ෂිකාරියක ලෙස දිවුරුම් මත සාක්‌ෂි දෙමින් සත්‍ය ප්‍රකාශ කිරීමට නීත්‍යනුකූලව බැඳී සිටියදී අසත්‍ය සාක්‌ෂි දී අධිකරණයට අපහාස කරන ලද බවට චෝදනා ලද සාක්‌ෂිකාරියකට හලාවත මහාධිකරණ විනිසුරු වයි. ප්‍රනාන්දු මෙනවිය බර වැඩ සහිත වසරක සිරදඬුවමක්‌ 7 දින නියම කළාය.

එම සිරදඬුවමට අමතරව රුපියල් 2500 ක දඩයක්‌ ද නියම කර දඩ මුදල නොගෙවන්නේ නම් ඒ සඳහා ද බර වැඩ සහිත මාස දෙකක සිරදඬුවමක්‌ නියම කළාය.

බොරු සාක්‌ෂි දීමේ වරදට විත්තිකාරියක වී දඬුවම් ලැබූයේ වෙන්නප්පුව බටහිර නයිනමඩම මුට්‌ටුව වැල්ල පදිංචි ජයසූරිය කුරණගේ තිලිකා මධුෂි නම් අයයි. 

නඩුවේ චූදිත විත්තිකාරිය බලෙන් ලිංගික සංසර්ගයකට ලක්‌ කළ බවට සාක්‌ෂි දී තිබියදී පසු අවස්‌ථාවක චූදිත එසේ නොකළ බවට සාක්‌ෂි දී තිබේ.



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: