Friday, January 11, 2019

නැත්ත වෙනුවට ඇත්ත ග්‍රන්ථයෙන් බුද්ධිමය දේපළ හිමිකම් කඩ කරලා - ටිල්වින්ට රුපියල් මිලියන 10 ගෙවන්න ‌වෙයි

SHARE
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාට රුපියල් මිලියන 10 ක වන්දියක් ගෙවන ලෙස කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු රුවන් ප්‍රනාන්දු මහතා ඊයේ (11 දා) ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට නියෝග කළේය.

වගඋත්තරකාර විමල් වීරවංශ මහතා විසින් පැමිණිලිකාර ටිල්වින් සිල්වා මහතාගේ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට නිගමනය කළ මහාධිකරණ විනිසුරුවරයා එම නියෝගය කළේය. 

වගඋත්තරකාර විමල් වීරවංශ මහතා විසින් ඔහුගේ නමින් ප්‍රකාශයට පත් කළ 'නැත්ත වෙනුවට ඇත්ත' යන ග්‍රන්ථයේ අඩංගුව ඇත්තේ තමා විසින් ජනතා විමුක්‌ති පෙරමුණේ දේශපාලන මණ්‌ඩලය හමුවට තමා ඉදිරිපත් කළ අදහස්‌ හා යෝජනා බවත් ඒවා තමාගේ කිසිදු අවසරයකින් තොරව එකී ග්‍රන්ථයට ඇතුළත් කිරීමෙන් තමාගේ බුද්ධිමය දේපළ අයිතීන් උල්ලංඝනය කර ඇති බවත් පෙන්වා දෙමින් ටිල්වින් සිල්වා මහතා විසින්a 2008 වසරේදී එම නඩුව පවරා තිබිණි. 

ඒ සම්බන්ධයෙන් මූලිකව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ වාණිජ මහාධිකරණය එකී ග්‍රන්ථය ප්‍රකාශයට පත් කිරීම හා අලෙවි කිරීම වළක්‌වමින් අතුරු තහනම් නියෝගයක්‌ නිකුත් කොට සාක්‌ෂි විභාගය ආරම්භ කොට තිබිණි. එම නඩුවේ තීන්දුව නිකුත් කරමින් වාණිජ මහාධිකරණ විනිසුරුවරයා පෙන්වා දෙනු ලැබුවේ ඉදිරිපත් වූ සාක්‌ෂි අනුව වගඋත්තරකාර විමල් වීරවංශ මහතා පැමිණිලිකරුගේa බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කොට ඇති බවට පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට ඇති බවයි. ඒ අනුව එකී ග්‍රන්ථයේ බුද්ධිමය දේපළමය පනත යටතේ සියලු හිමිකම් මින්මතු පැමිණිලිකාර ටිල්වින් සිල්වා මහතාට හිමි බවට තම අධිකරණය නිගමනය කරන බව ද විනිසුරුවරයා සිය තීන්දු ප්‍රකාශය මගින් පෙන්වා දුන්නේය.

ජනතා විමුක්‌ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා ද එකී සිද්ධිය සම්බන්ධයෙන්ම විමල් වීරවංශ මහතාට එරෙහිව වාණිජ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබිණි. කෙසේ නමුත් සෝමවංශ අමරසිංහ මහතා ජනතා විමුක්‌ති පෙරමුණේ නායකත්වයෙන් ඉවත් වීමෙන් පසුව විමල් වීරවංශ මහතා සමඟ ඇති කර ගත්a එකඟතාවක්‌ මත පැමිණිල්ල ඉල්ලා අස්‌aකර ගැනීම නිසා එම නඩුවේ චෝදනාවලින් වගඋත්තරකාර විමල් වීරවංශ මහතාව නිදහස්‌a කිරීමට වාණිජ මහාධිකරණය නියෝග කොට තිබිණි.

නීතිඥ ශානිකා සිල්වා මහත්මිය ඇතුළු නීතිඥ මණ්‌ඩලයක්‌ සමඟ නීතිඥ සුනිල් වටගල මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය.

පැමිණිලිකාර පාර්ශ්වයට ඇස්‌තමේන්තු නඩු ගාස්‌තුවක්‌ ගෙවීමට ද එහිදී වගඋත්තරකාර විමල් වීරවංශ මහතාට සිය තීන්දු ප්‍රකාශය මගින් නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එම ග්‍රන්ථය මෙතෙක්‌ අලෙවි කළ ප්‍රමාණය ගණන් බලා ඊට අදාළ මුදල් ගෙවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටත් නියෝaග කළේය.

එයට අමතරව මේ වනවිට මුද්‍රණය කර ඇති එම ග්‍රන්ථයේ සියලුම පිටපත් විනාශ කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ද විනිසුරුවරයා එමගින් නියෝග කළේය.




SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: