Thursday, January 10, 2019

කළු ඇඳගත් පිරිසක් ඊයේ රජයේ මාධ්‍ය ආයතනවලට සංදේශයක් බෙදති

SHARE
Loading...
සිවිල් සංවිධාන කිහිපයක සාමාජිකයන් පිරිසක් ඊයේ (10 වැනිදා) රූපවාහිනි මාධ්‍ය ආයතන කිහිපයක් සහ මුද්‍රිත මාධ්‍ය ආයතන කිහිපයක් වෙත ගොස් ස්වාධීන මාධ්‍ය කලාවක් පවත්වාගෙන යන්නැයි ඉල්ලමින් සංදේශයක් භාර දුන්හ.
කළු පැහැති ඇඳුමින් සැරසී කළු පැහැති රෙදිපටිවලින් මුහුණ වසාගෙන කළු මාධ්‍ය කලාවට එරෙහිව යැයි පවසමින් ඔවුහු ටී. එන්. එල්., දෙරණ, සිරස සහ හිරු යන රූපවාහිනී ආයතනවල ප්‍රධාන කාර්යාල සහ ලේක්හවුස් සහ මව්බිම පුවත්පත් ආයතන වෙත ගොස් සංදේශය බැගින් භාරදීමට කටයුතු කළහ.
මෙහිදී සිරස මාධ්‍ය ආයතනය සංදේශය භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇත.
මෙම සංදේශය භාරදීමේ වැඩසටහනට විදර්ශන කන්නංගර, විමල් කැටිපෙආරච්චි, රංගන ශිල්පිනියන් වන චාන්දනී සෙනෙවිරත්න, කෞෂල්‍යා ප්‍රනාන්දු, සමනලී ෆොන්සේකා යන මහත්මීහු ද, චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන විමුක්ති ජයසුන්දර ද එක්ව සිටියහ.
-දිවයින පුවත්පත



SHARE

Author: verified_user

Lanka News Times වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments: